කීර්ති ප්‍රනාන්දු –
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් අද(24) මධ්‍යම රාත්‍රියෙන් උදාවේ .
මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්වේ .
මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මීගමුව පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානයේ ද , ජේ.ඩී.ඇන්තනී රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් වෑවල සාන්ත සේවියර් දේවස්ථානයේ දී ද නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්වේ .
මෙයට අමතරව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් ඇතුළු දිවයිනේ සෑම දේවස්ථානයක ම මැදියම් රාත්‍රී නත්තල් දේවමෙහෙයන් පැවැත්වෙන අතර දේව මෙහෙයන්ට ප්‍රථම විශේෂ නත්තල් කැරොල් ගී ගායනා පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ .
දිළිදු ජනතාවට උදව් කිරිම මෙවර නත්තලේ තේමාව බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය .







