අවසන්වරට මහනුවර පැවැත්වූ අවසන් රන්දෝලි පෙරහරේ අලි කුලප්පුවෙන් පසු පැරණි පෙරහරක් සජීවි පෙරහට සේ පෙන්වා ජනාධිපතිවරයා ඉදිරියේම ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ලෝක බෞද්ධ ජනතාව මුලා කිරීම, දළදා මාලිගාවට අයත් ඉඩම් නීති විරෝධී ලෙස විකිණීම සහ ව්‍යාපාරික සමාගම් ලෙස ලියාපදිංචි කිරීම, කෝටි 26ක් වටිනා මියන්මාර් ඇතාගේ ගනුදෙණුව, කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයාව සිටිය දී රත්තරන් කිලෝ 9.3ක් අතුරුදන් කිරීම, රන් බුදු පිළිම අතුරුදහන් වීම ඇතුළු චෝදනා 43ක් ගොනුකරමින් රාවණා ලංකා ජාතික සංවිධානය නැමැති සංවිධානයක සභාපති සහ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුනනේ හෙවත් ගල්කන්ද පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති අය අද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළේය.
දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර පිළිබඳව කළ හෙළිදරව් කිරීම් කීපයක් සම්බන්ධව මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය අංශය විසින් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කළ පැමිණිල්ල ප්‍රකාරව පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු දියවඩන නිලමේවරයාට එරෙහිව සිය පැමිණිල්ල ගොනු කර තිබිණි.
තමන් මේ ඉදිරිපත් කරන සියලුම චෝදනා සම්බන්ධව තමන් සතුව ලිඛිත සාධක සහ සාක්ෂි උවමනාවටත් වඩා ඇති බවත්, දළදා වහන්සේ දළදා මාලිගාව තුළ වැඩ ඉන්නවා දැයි සැක සිතන තරමට සිදුවෙමින් ඇති මේ දූෂණ සහ වංචා පිළිබඳව අද උදෑසන වනවිට ජනාධිපතිතුමාට, අගමැති තුමාට කතානායක තුමාට, පර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් 225ට, මහානායක හිමිවරුන් ඇතුළ මහා සංඝරත්නයට යවා ඇතැයි ද ඔහු පැවසීය.
“ බෞද්ධයන්ගේ රජ්ජුරුවො තමයි මේ වංචා කරන්නේ. මේ විනාශ කරන්නේ සමස්ථ ලෝක බෞද්ධ ජනතාවගේ උරුමය. මේ වනවිට ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මේ රටේ නීතිය නැවතිලා තිබෙන්නෙ. ඔහුට විරුද්ධව වංචා දූෂණ විමර්ශන නැවතිලා. ඔහු තව අවුරුදු දෙකයි හෝ තුනයි මේ තනතුර දරන්නෙ.
දණ්ඩනීති සංගහ්‍රය, විහාර දේවාලගම් පනත පුරාවිද්‍යා ආඥාපනත යටතේ මොහු විසින් කළ කළ දූෂණවලට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. ප්‍රදීප් නිලං දෑලට එරෙහිව දැන‍් නීතිය ක්‍රියාත්මක වුනේ නැතිනම් ඔහු මේ තනතුරින් ඉවත්වෙලා ගිය දවසට අපි ඔහුව අධිකරණය ඉදිරියට ගෙන්වනවා. අපි මෙය නවත්වන්නෙ නෑ.“
ඔහු වැඩිදුරටත් කීවේය.
රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති සහ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුනනේ මාධ්‍ය හමුවේ කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
Discussion about this post