මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක 9 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 ක පිරිමි දරුවකු අපයෝජනය කිරීමේ සිද්ධියට, මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රත්නපුර කිරිබත්ගල ප්‍රදේශයේ පදිංචි පනස්වියැති නර්තන ගුරුවරයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ( 05) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් රුවන් කුමාර නියෝග කළේය.
මීට දින කිහිපයකට පෙර පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ සිසුන්ට නර්තන පුහුණු කිරීමට පැමිණි ගුරුවරයා දෙමව්පියන්ගෙන්, එක් සිසුවකු සඳහා නැටුම් පුහුණු කිරීමේ ගාස්තු ලෙස මසකට රුපියල් 5000 බැගින් ලබාගෙන දිඹුලාගල ස්ථාන කිහිපයක නර්තන පුහුණු කටයුතු කළ අතර එහිදී අවුරුදු දාහතරක පිරිමි දරුවා අපයෝජනය ලක්කර රත්නපුර කිරිබත්ගල ප්‍රදේශයට පලාගොස් සිටි බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය කියයි,
නර්තන ගුරුවරයාගෙන් විදුහල්පතිවරයාට මුදල් ලබාගැනීමට තිබෙන නිසා, අපයෝජන සිද්ධියට ඔහු අත්අඩංගුවට පත් වුවහොත් එම මුදල් නොලැබීම හේතුවෙන් එම සිද්ධිය වසන් කර ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
අනතුරුව දරුවාට නර්තන ගුරුවරයාගෙන් ඇති වූ සිද්ධිය මව්පියන් විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ මනම්පිටිය පොලිසියට දන්වා තිබේ,
පසුව පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර, පොලිස් සැරයන් 61943 වසන්ත, පොලිස් සැරයන් 67186 ප්‍රියදර්ශන ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් විමර්ශන සිදුකර සැකකරු නිවිතිගල පොලිස් වසමේ කිරිබත්ගල ප්‍රදේශයේ සැඟව සිටියදී ඉකුත් 04 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.







