දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොළ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණිය පුද්ගලයකු විසින් ගෙළ සිරකොට මරා දමා ඇති බව අනාවරණය වන අතර සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිව තිබේ.
ෆාතිමා මුනවුර් නැමැති 22 හැවිරිදි මෙම තරුණිය ගෙලිඔය පුදේශයේ ඔසුසළක සේවය කරන අතර ඇය සමඟ හාද වීමට උත්සාහ කළ තරුණයකු විසින් ඇය පදිංචි දැල්පිටිය ප්‍රදෙශයේ මහ මාර්ගයෙ ගමන් කරන විට අසළ පොල් වත්තකට ගෙන ගොස් ගෙළ සිරකර ඝාකනය කර ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි ව ඇති බව පොලිසිය පවසයි.
මෙම තරුණිය දින හයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පොලිසියට ඇයගේ දෙමාපයින් විසින් පැමිණිලි කරන ලද අතර මේ පිළිබඳව විමර්ශණ සිදුවන අතරේ අදාළ තරුණයා සම්බන්ධයෙන් යම් තොරතුරක් පොලිසිය වෙත ලැබී ඇත.
ඒ ඔස්සේ විමර්ශණය කළ පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී 24 හැවිරිදි මෙම සැකකරු සිය පාපෝච්චාරණය සිදු කර ඇත. ඒ අනුව ඇය ට මාර්ගය අසළ ළඳු කැලෑවකට එන ලෙස මෙම තරුණයා ඉල්ලීමක් කර ඇති අතර එය ප්‍රතික්ෂේප කළ තරුණිය බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ගෙළ සිර කර ඇති බව සඳහන් වේ. ඝාතනයෙන් පසු ඇයගේ සිරුර වල දමා ඇති බවටද හෙළි කරගෙන ඇති අතර ඒ ආසන්නයේ තිබී ඇය ගේ පාවහල් යුගල, කුඩය සහ වතුර බෝතලයක් ද සොය ගැනීමට පොලිසියට හැකිව ඇත. මෙම සිරුර ගොඩ ගෙන ඉදිරි විමර්ශණ සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.