බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව ගත් දේශීය ණයවලට කරන්න යන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

by Lanka Sara Editor
මැයි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය  මඟින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වූ බවත් මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළෙහි නිර්නායකයන් තීරණය කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර, එම ස්ථාවරය ශ්‍රී ලංකා බැංකු සංගමය මඟින් මේ වනවිට පිළිගෙන ඇති බවත් මුදල් රාජ=්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12)  පාර්ලිමෙන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්කෟර්න මූල්‍ය හුකමට අදාළ ගිවිසුම පිළිබඳව සැලකීමේදී මුලින් රජයට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයක් පිලිබඳව අදහසක් නොවූවද , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු කාර්ය මණ්ඩල ගිවිසුම යටතේ ඉදිරිපත් කර ඇති ණය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ  යම් තෝරා ගැනීම්වලදී යම් මූල්‍ය ගැළපුමක් සමඟ දේශීය ණය තොගයේ යම් ප්‍රශස්තකරණයක් (Domestic Debt Optimization) ඇති කිරීම යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමට රජයට සිදු වූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග 27 /2 යටතේ අසුණු ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ණය ප්‍රශස්තකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳව තීරණය කිරීම තවමත් අවසන් කර නැති බවද පැවසීය.

අසන ලද සම්පූර්ණ ප්‍රශ්න සහ පිලිතුර පහත දැක්වෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට බලධාරීන් පෙර ප්‍රකාශ කළද, මැයි මස අවසන් වනවිට ඒ සඳහා අදාළ විස්තීර්ණ සැලසුම් සකස් කරන බව වර්තමානයේ දී රජය ප්‍රකාශ කරනු ලබයි. රජය දැනටමත් එම ස්ථාවරයේම පසුවන්නේ ද? එසේ නම්, එහි ප්‍රගතිය කවරේද?
  • විදේශ මුදලින් නාමනය කරන ලද ණය හා සසඳන විට, 2022 වසරේ දී පැවති ඉහළ උද්ධමනය සහ විනිමය අනුපාතිකය විශාල වශයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් දේශීය ණයහිමියන්ට දැනටමත් දැරීමට සිදු වී ඇති දැඩි පීඩනය මෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සැලකිල්ලට ගෙන, ණය පිළිබඳව අර්බුදය උග්‍ර වූ මුල් අවධියේ දී රජය සහ මහ බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ දී දේශීය ණය නොසලකා සිටීමේ ස්ථාවරයක සිටියේය.
  • පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු කාර්ය මණ්ඩල ගිවිසුම යටතේ ඉදිරිපත් කර ඇති ණය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා යම් තෝරා ගැනීමක්, එනම්, තිබෙන මට්ටමටත් වඩා වැඩියෙන් බදු පැනවීම හා රාජ්‍ය වියදම් අඩුකිරීම මඟින් ඉතා විශාල සහ වේදනාකාරී රාජ්‍ය  මූල්‍ය ගැළපීමක් මත පමණක් රඳා සිටීම හෝ යම් මූල්‍ය ගැළපුමක් සමඟ දේශීය ණය තොගයේ යම් ප්‍රශස්තකරණයක් (Domestic Debt Optimization) ඇති කිරීම යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමට රජයට සිදු විය.

 

  • ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් හරහා පමණක් එවැනි රාජ්‍ය මූල්‍ය අංශයේ ගැළපීමක් සිදු කිරීමට බදු ආදායමේ විශාල වැඩිවීමක් හෝ රාජ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමක් අවශ්‍ය වන අතර, එමඟින් සමාජ ආර්ථිකය මත ඇති වන පිරිවැය උග්‍ර වනු ඇත. ඒ වෙනුවට, ණය තිරසාරභාවය ඇති කරන අතර සමාජ ආර්ථික පිරිවැය අවම කිරීම සඳහා, රාජ්‍ය මූල්‍ය ගැළපුමක සහ යම් ආකාරයක දේශීය ණය ප්‍රශස්තකරණයක සංකලනයක් යොදා ගැනීම නිවැරදි ප්‍රවේශය ලෙස සැලකුණි.
  • ඒ අනුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම සඳහා අනුමැතිය ලබා දීමට පෙර, ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික වීම් (Financing Assurance) ලබා ගැනීම සඳහා ඔවුන් සමඟ අඛණ්ඩව සාකච්ඡා සිදු කිරීමට සමගාමීව වාණිජ ණයහිමියන් සමඟ ද සද්භාවයෙන් යුතු සාකච්ඡා (Good Faith Negotiations) සිදු වූ අතර, රාජ්‍ය ණය සම්බන්ධයෙන් ගනු ලබන පියවර මඟින් ණයහිමියන්ට දැරීමට සිදු වන පීඩනය, විදේශීය සහ දේශීය ණයහිමියන් අතර බෙදීයාමේ අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කරන ලදී.
  • එබැවින්, ණය තිරසාරභාවය සඳහා වන ඉලක්ක සපුරාලීම සහ ණය තිරසාරභාවය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රම පිළිබඳව සලකා බැලීමටත්, හඳුනාගත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පියවර ගැනීමටත් රජය විසින් කටයුතු කරන ලදී.
  • දේශීය ණය ප්‍රශස්තකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳව තීරණය කිරීම තවමත් අවසන් කර නැත.
  • සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමෝපාය සම්බන්ධව අවසන් තීරණ ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව රජය විසින් කඩිනමින් නිවේදනයක් නිකුත් කරනු ඇත.
  • දේශීය මෙන්ම විදේශීය ණය වෙළෙඳපොළ තුළ ගනුදෙනු වන රාජ්‍ය සුරැකුම්පත්වල මිල කෙරෙහි බලපාන වෙළෙඳපොළ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් වන බැවින්, ඉදිරියේ දී ණය සඳහා සිදු කෙරෙන පිළියම්වලට අදාළ නිර්ණායක පිළිබඳව තීරණය කිරීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට අහිතකර වනු ඇත. සමපේක්ෂණ (Speculations) හේතුවෙන් දේශීය ණය පිළිබදව ගන්නා පියවර සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතා නිසා රුපියල්වලින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත් මත දැනටමත් සැලකිය යුතු මට්ටමේ අවදානම් අධිමිලක් (Risk Premium) එකතු වී ඇති අතර රජයේ සුරැකුම්පත් සඳහා ඉතා ඉහළ පොලියක් ගැනීම මේ නිසා සිදු වී ඇත. ඒ හේතුවෙන් දැනටමත් පොලී ගෙවීම සඳහා වූ රජයේ වියදම් වැඩි වී ඇත. එබැවින් රජය විසින් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබද උපායමාර්ග යෝජනාවලිය ඉදිරිපත් කරන තෙක් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ අහිතකර අපේක්ෂා ඇති කිරීම නුසුදුසුය.

 

 

 

 

  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය නිසා බැංකු පද්ධතිය මත ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා බැංකු සංගමය (Sri Lanka Bank’ Association (Guarantee) Limited) විසින් සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව රජය දැනුවත්ව සිටින්නේද? මේ සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්ද?

දේශීය ණය ප්‍රශස්තකරණය මඟින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළෙහි නිර්නායකයන් තීරණය කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර, එම ස්ථාවරය ශ්‍රී ලංකා බැංකු සංගමය මඟින් මේ වනවිට පිළිගෙන ඇත.

  1. මෙම ප්‍රතිව්‍යුහගකරණ ක්‍රියාවලිය, “යම්තාක් දුරට” ස්වේච්ඡා ක්‍රියාවලියක් වනු ඇත්තේය යන රජයේ ප්‍රකාශය සම්බන්ධයෙන් බැංකු විසින් නිශ්චිත පැහැදිලි කිරීම් ඉල්ලා ඇති බව රජය දන්නේ ද? මෙම රජයේ ප්‍රකාශය මඟින් දේශීය ණයෙන් තවත් කොටසක් ස්වේච්ඡා නොවන (Involuntary) එසේ නැතහොත්, බලහත්කාරී (Coerced) බව නොහැඟෙන්නේද? මෙම “බලහත්කාරී” හා “ස්වේච්ඡා” කොටස් කවරේ ද යන්න වෙන්කොට දැක්විය හැක්කේ ද? එම බෙදුම් රේඛාව කවරේද?

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රමෝපායන්ට අදාළ නිර්ණායක තීරණය කිරීම සම්බන්ධව කටයුතු තවම අවසන් කර නොමැත.

 

  1. “කොළඹ කොටස් හුවමාරුව වසා දැමීමට තමා පසුබට නොවන්නේය” යනුවෙන් මෙම සභා ගර්භයේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් කොටස් හුවමාරුවේ ඇති ලැයිස්තුගත සමාගම් එයින් ඉවත්ව යාමේ අවධානමක් පිළිබඳව රජය තක්සේරුවක් සිදු කර තිබේ ද? මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා හෝ එමඟින් කොළඹ කොටස් වෙළඳපොළ කෙරෙහි ඇති කරනු ලබන හානිය අවම කරගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැපයීමට හා කොටස් වෙළඳපොළ කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමට රජය විසින් අවශ්‍ය සියලු පියවරයන් ගනු ලැබේ. රජය විසින් අවශ්‍ය වන අවස්ථාවලදී සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මේ සම්බන්ධව කටයුතු කරනු ලැබේ.

  1. සේවක අර්ථසාධක අරමුදලෙන් කොපමණ මුදලක් භාණ්ඩාගාර බිල්පත්වල (Treasury Bills), භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury Bonds) ආයෝජනය කර ඇත්තේද?

සේවක අර්ථසාධක අරමුදල මඟින් 2023 මාර්තු 31 වැනි දිනට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල සිදු කර ඇති ආයෝජන පහත දැක්වේ.

ආයෝජනය මුහුණත වටිනාකම (රු.බිලියන)
භාණ්ඩාගාර බැඳුම්කර 3,325
භාණ්ඩාගාර බිල්පත් 172.3
  1. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයට භාණ්ඩාගාර බිල්පත් ඇතුළත් වන්නේද? එසේනම්, එමඟින් සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍ය වත්කම්වල වටිනාකම පහත වැටෙන බව රජයට පැහැදිලි නොවන්නේද? එයින් වැඩ කරන ජනතාව ජීවිත කාලයක් පුරා කළ ඉතිරිකිරීම්වල වටිනාකම දරුණු ලෙස පහත වැටීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමයට දැඩි බලපෑමක් ඇති වීම සම්බන්ධයෙන් රජය අසංවේදී ද?

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළට සලකා බලන භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ඒ සදහා ඇතුළත් වේ.

  1. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවා වන රජයට එම අරමුදල් උපරිම ඵලදායී ලෙස ආයෝජනය කිරීමේ වගකීම පැවරී ඇත. අරමුදලේ කළමනාකරුවන් එම වගකීම පැහැර හැරීම, ජනතාව සතු රුපියල් බිලියන සිය ගණනක වත්කම් අහිමි වීමට හේතු විය හැකිය. එම නීතිමය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? එමඟින් බලපෑමට ලක් වූ ජනතාව වෙත හානි පූරණයට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

සේවක අර්ථසාධක අරමුදලෙහි අරමුදල් කළමනාකරණ කටයුතු සම්බන්ධ තීරණ සේවක අර්ථසාධක අරමුදල විසින් ගනු ලබයි. අරමුදල මඟින් දෛනිකව අරමුදලේ මුදල් ප්‍රවාහය, වෙළඳපොළ තත්ත්වයන්, සහ ආයෝජන අවස්ථා පිළිබඳ ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව අරමුදලට අඩු අවදානමක් යටතේ වැඩිම ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ආයෝජන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති හා උතුරේ පක්ෂ අතර සාකච්ඡා ඉතා සාර්ථකයි -පා.ම. ධර්මලිංගම් සිද්ධාර්ථන්

Next Post

දින හයක් තිසසේ අතුරුදන් ගම්පොළ තරුණිය ඝාතනය කරලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.