සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් නොවේ… සයනයිඩ් විෂ වීමෙන්… අධිකරණයේ දී හෙළි වේ…

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියගොස්  ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ  ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන  බවය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ  මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වීම අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය  ය ඉදිරියේදී සිදුකළේය.

මේ අතර ෂාෆ්ටර් ගේ  අයි ෆෝන් ඒක්ස් එස් වර්ගයේ ජංගම දුරකථනය සහ අයි පෑඩයේ දත්ත විශ්ලේෂණය කළ බවත් එමගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසීය.

ඒ අනුව අදාළ ජංගම දුරකථනයේ සහ අයි පෑඩයේ ෂාෆ්ටර්  තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගත් බව ද ඔවුන් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනේෂ් ෂාෆ්ටර් ගේ   අයි පෑඩයේ ඇපල් නෝට් හී තිබූ දත්තවල ලිස්ට් යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණ වුණි.

KCM යන කෙටි නමින් සයනයිඩ් හඳුන්වන බවත් ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ නම් සඳහන්ව තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසීය.

ඒ අතර මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් තිබූ බවයි අධිකරණයේදී හෙළිවුණි.

එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බව සඳහන්ව ඇත.

අදාළ නම් පහෙන් අවසන් නම් හතර සඳහන් සිව්දෙනා ‘නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්’ ඒ තුළ තිබූ බව විමර්ශන නිලධාරීන් පැවසීය.

එමෙන්ම බ්‍රයන් තෝමස්ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක් ද එම අයි පෑඩය තුළ තිබී තිබේ.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ ඒ තුළ ජොසපින් තෝමස් සහ ක්‍රිස්ටියන් තෝමස් යන දෙදෙනාගේ ද නම් තිබූ බවය.

”MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK” යනුවෙන් ද එහි සඳහන්ව තිබේ.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය ලෙසටය.

මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ තමන් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවය.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටි අවසන් දිනය දක්වා සම්ප්‍රේෂණය වූ වට්ස් ඇපි පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අතර ෂාෆ්ටර් මහතා මියගිය දිනයේ පස්වරු 2.48යි තත්පර 50ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර් මහතාට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැනත් එහි සඳහන්ව ඇත.

ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධීකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද අධිකරණය හමුවේ අනාවරණ වුණි.

අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කියවනු ලැබීය.

ඔහුගේ ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් සයිනයිඩ් ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එහි සඳහන්ව ඇතැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේය.

– දෙරණ – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ මත්කුඩු ජාවාරමුන්ගේ දරුවන් සහ ඥාතීන් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මැතිවරණ තරග බිමේ… බුද්ධි අංශ හෙළි කරයි!

Next Post

ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.