බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවො 40 000 අධිමන්දපෝෂණයේ… පවුල් 61 000 මොනම විදිහටවත් ආහාර සපයා ගන්න බෑ….

වැඩ කරන විරුවා රටට කළ හරිය සජබ මන්ත්‍රී රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි...

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ දරුවන් 40,000 ක් අධි මන්දපෝෂණයෙන් පෙළෙන බවත් පවුල් 61000ක් කුමන ආකාරයක හෝ  ආහාරයක් ලබා ගැනීමේ නොහැකියාවෙන් පෙළෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා ලෝක ආහාර වැඩසටහන කළ සමීක්ෂණය උපුටා දක්වන මන්ත්‍රීවරිය  සෑම මිනිසෙකුටම අවශ්‍ය අවම පෝෂණය සහිත ආහාර වේළකට වැය වන මුදල 156% කින් ඉහළ ගොස් අති බව පෙන්වා දුන්නාය.

ජාතික සැපයුම් ජාලය මුලුමනින් බිඳ වැටී ඇති බව කී ඇය ලබන කන්නයේ ගොවිතැන වෙනුවෙන් පමණක් ඉන්ධන නැවක් අවශ්‍ය බවත් එය ලබා නොදෙන්නේ නම් ආහාර නිශ්පාදන  හිඟයත් සමග ඇතිවන  මන්දපෝෂණය පිළිබඳ ගැටලුව බිහිසුණු එක්ක වනු ඇති බවත් කීවාය.

මුහුදේ ඉන්නා  මාළුටික අල්ලා ගැනීමට ඉන්ධන නොමැති රටේ, වගාව සඳහා ගොවිබ්මි සකස් කිරීමට ඉන්ධන නොමැති රටේ  සැලසුම කුමක් දැයි ඇය ප්‍රශ්න කළාය.

රෝහිනී කවිරත්න

මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අපේ රටේ ආහාර සහ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ‘ආහාර නැතිකමට වඩා ආහාර සඳහා ලඟාවීමට මිනිසුන්ට හැකියාවක් නොමැතිකම‘ යි.

ලංකාවේ ජනතාවගේ පෝෂණ තත්වය ලතින් ඇමරිකාව, අප්‍රිකාව, කාන්තාර කලාප, ආක්ටික් කලාප, පැසිපික් කලාපයට වඩා පහලට වැටුනේ කොහොමද? යුද්ධයක් තියෙන රටවල්වලට වඩා නරක් වුනේ කොහොමද?

ලංකාවේ යුද්ධය තිබුණ කාලයටත් වඩා රට රකින් විරුවාගේ කාලයේ මන්ද පෝෂණය වැඩි වුනේ කොහොමද?

කොරෝනාවලින් පස්සේ කාබනික කෘෂිකර්මය කියන ‘අමන තීරණය‘ නිසා අපේ රටේ ආහාර නිෂ්පාදනය 40% කින් පහත වැටිලා.

මාතලේ, මහියංගනය, මහවැලි කලාප, මොණරාගල තමයි වැඩිපුරම බඩඉරිඟු හදන්නේ. දැන් අස්වැන්න 75% කින් අඩුයි. පාර අයිනේ තම්බපු ඉරිඟු කරලක් නැත්තේ ඒ නිසයි. බඩ ඉරිඟු වලින් තමයි ත්‍රීපෝෂ හදලා බඩදරු අම්මලා , දරුවෝ පෝෂණය සපයා ගත්තේ. කුකුල්ලුන්ට කන්න දුන්නේ.

රටේ මන්දපෝෂණය අප්‍රිකාවට, ලතින් ඇමරිකාවට, යුද්ධයක් තියෙන ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට, ඉරානයට වඩා වැඩි වුණේ රටේ කෘෂිකර්මය විනාශ කරපු තීරණ නිසයි.

මන්දපෝෂණය නැති කරන්න නම්,

  1. ආහාර සඳහා ප්‍රවේශය / ආහාර මිලදී ගන්න මුදල් ලැබෙන්න ඕනි.
  2. මන්දපෝෂණය, අධිමන්දපෝෂණය තියෙන අයට අතිරේක පෝෂණය ත්‍රීපෝෂ, බිත්තර, මස්, මාළු දෙන්න අවශ්‍යයි.
  3. දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයකින් රටේ ආහාර පුරුදු, අදහස්, මතවාද වෙනස් කරන්න ඕනි.

මොනම ක්‍රමයකින්වත් ආහාර සපයා ගත නොහැකි, කන්න නැති පවුල් 61,000 ක් රටේ ඉන්නවා කියලා ජනාධිපතිතුමා අය වැය කථාවේ දී කිව්වා.  මේ අයට තවත් දවසක් හෝ ප්‍රමාද නොකර ආහාර සැපයීම රටේ ප්‍රමුඛතාව විය යුතුයි.

රටේ එක පැත්තකට කන්න නෑ. අනික් පැත්තේ ආහාර විකුණා ගන්න බෑ. මුහුදේ මාළු තියෙනවා. හැබැයි අල්ලන්න යන්න තෙල් නෑ. බිඳ වැටිච්ච සැපයුම් ජාලය කලමනාකරණය කර ගන්න තවම රජයට බැරිවෙලා තියෙනවා.

දැන් වැස්ස වැටෙනවා. රටම වගාවට, හේන් වගාවට, කුඹුරු වගාවට සුදානම් වෙනවා.  මාතලේ දිස්ත්‍රික්කය විතරක් ඉඩම් ටික හාන්න තෙල් බවුසර් 560 ක් ඕනි.  අම්පාර, මොණරාගල, මහියංගනය, පොලොන්නරුව, අනුරාධපුර සමහර ප්‍රා.ලේ. කොට්ඨාශයකට ඉඩම් හාන්න විතරක් බවුසර් 30 සිට 45 දක්වා ඩීසල්, භුමිතෙල් අවශ්‍යයි.

වී ගොවිතැනට විතරක් ඊලඟ කන්නට බිම සකස් කරන්නට ඩීසල් ලීටර් 51,675,000 ක් ඕනි.  හෙක්ටයාරයක් හාන්න ලීටර් 65 ක් ඕනි.  මේ සැරේ ගොවියෝ රොටර් කන්නේ නැතුව වී වපුරනවා. අක්කරයක් රොටරි කරන්න රු. 40,000 ක් යනවා.

බඩඉරිඟු හෙක්ටයාර් ලක්ෂයක් හදනවා කියලා රජය කියනවා.  එහෙම හදන්න නම් හෙක්ටයාරයකට ලීටර් 25 ක් අවශ්‍යයි. ඒ කියන්නේ තෙල් ලීටර් ලක්ෂ 25 ක් ඕනි. මේ දෙකට විතරක් ඩීසල් නැවක් ඕනි. සාගතය නැති කරන්න නම් කෘෂිකර්මයට විතරක් ඩීසල් නැවක් වෙන් කරන්න වෙනවා.

අගමැතිතුමා, ඛනිජ තෙල් ඇමතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමා,

මේ කන්නයට බිම සකස් කරන්න තෙල් නැවක් දෙන්න ඔයාලට පුළුවන් ද? මේ විවාදයේ දී මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් අවශ්‍යයි.  මේවාට උත්තර දෙන්න එකම ඇමති කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ නෑ. ආණ්ඩුවේ මුල් පේළි දෙකම හිස්.

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන, සී.පී. ද සිල්වා, හෙක්ටර් කොබ්බෑකඩුව, මෛත්‍රීපාල සේනානායක, ගාමිණී දිසානායක, මාවතේ ගිහින් රටේ සාගින්දර නිවනවාද? නැත්තම්, රාජපක්ෂ මාවතේ ගිහින් මන්දපෝෂණය වැලඳ ගන්නවාද? කියන ප්‍රශ්නයට උත්තරය වැදගත්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරලගංවිල ගබඩාවේ වී කිලෝ 4000 විනාශ වෙන්නට හැරිය ප්‍රාදේශීය කළමනාකාරවරු දෙදෙනාගෙ වැඩ තහනම්!

Next Post

ඩයස්පෝරාවෙන් තර්ජන ඇතිවිය හැකියි… හිටපු ජනාධිපතිවරයාට අනෙක් ජනපතිවරුන්ට වඩා ආරක්ෂාව අවශ්‍යයයි! – සාගර කාරියවසම්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.