සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් 91 දෙනෙක් පාසල් ගොඩනැගිල්ලක් යට භූමිදාන කළ ඉන්දුනීසියාවේ ඛේදවාචකය…

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සිටින දූපත ඉන්දුනීසියාවය. එම දූපතේ ඉස්ලාමීය නේවාසික පාසල් හෝ පෙසන්ට්‍රන් 30,000 කට වඩා තිබේ.   බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන දරුවෝ මෙම නේවාසික පාසල්වල නේවාසිකව අධ්‍යාපනය ලබති.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි සිඩෝආර්ජෝ නගරයේ  අල්-කොසිනි ඉස්ලාමීය නේවාසික පාසලත් එවැනි පාසලකි. පාසල පිහිටි සිඩෝආර්ජෝ නගරය පිහිටන්නේ ජකර්තා නුවර සිට කිලෝමීටර් 670ක් (සැතපුම් 420ක්) නැගෙනහිරිනි.

දිනය සඳුදා (29)ය. වෙලාව දහවල් 3ට  පමණ ඇත.   අල්-කොසිනි ඉස්ලාමීය නේවාසික පාසලේ   බහුමහල් ගොඩනැගිල්ලක  ඉහළ මාලයේ ඉදි කිරිමක් කරමිනි. ඉදිකිරීම සඳහා කම්කරුවෝ කොන්ක්‍රීට් වත්කරමින්  සිටියහ.

ඒ වනවිට පාසලේ  සිසුන් දහවල් යාඥා සඳහා පහත මාලයේ  ශාලාවට රැස්ව සිටියහ. ශිෂ්‍යයන් යාඥා සඳහා එක් ස්ථානයකටත් සිසුවියන් තවත් ස්ථානයකටත් රැස් වන්නේය.

එක්වරම ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් වත්කමින් සිටි තලය දරාගත්  කුළුනු කැඩී ගියේය. ඉහළ මහල පහත මාලයේ යාඥා කරමින් සිටි සිසුන් සිටි ප්‍රදේශය යට කරමින් පතිතවුනේය. සිසුවියන් රැඳී සිටි ස්ථානයට ගැටලුවක් වුයේ නැත. සිසු පිරිස සුන් බුන් අතර වැළලී ගියහ.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

 

අද බදාදා ය.  පාසල් දරුවන් 91 දෙනෙක් මේ වනවිටත් සුන්බුන් අතර සිරවී සිටින බව ඉන්දුනීසියානු බලධාරීන් කියන්නේය. ඒ ගණනය කිරීම සිදුකර ඇත්තේ සිසුන් පැමිණීමේ දත්ත මත පදනම්වය. දෙමව්පියෝ මංමුලාසහගතව පාසල අවට රොක් වී සිටිති. අතුරුදහන් වූ සිසුන්ගේ නම් ලයිස්තුව පාසල ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත. සෑම අම්මා කෙනෙකුගේ සහ තාත්තා කෙනෙකුගේම ප්‍රාර්ථනාව සිය දරුවන් ජීවත්වනු දැකීමය. එහෙත් යථාර්ථය ඒ ප්‍රාර්ථනාව ටිකින් ටික දුරස් කරනු පෙනෙන්නේය.

“අපි දැන් සුන්බුන් යට සිසුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා.  නැගෙනහිර ජාවා නියෝජ්‍ය ආණ්ඩුකාර එමිල් එලිස්ටියන්ටෝ ඩාර්ඩක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. බදාදා දහවල් වන විට දරුවන් එකොළොස් දෙනෙකු ජීවතුන් ඉන්නවා.  ඔවුන් සමඟ “තවමත් සන්නිවේදනය කළ හැකියි. තවත් සිසුන් පස් දෙනෙකු හෝ හත් දෙනෙකු වෙත කණ්ඩායම් ලඟා වෙන්න උත්සාහ කරමින් ඉන්නේ. “

“සමහර සේවකයින් ඔවුන් වෙත ළඟා වීමට උත්සාහ කිරීම සඳහා තම දෑතින් කැණීම් කරමින් සිටිනවා.  තවත් සමහරු වින්දිතයින්ගේ සෞඛ්‍යය තත්ත්වය පවත්වා ගැනීම සඳහා පරතරය හරහා ආහාර සහ ජලය ලබා දෙමින් ඉන්නවා.” ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශක අබ්දුල් මුහාරි උපුටා දක්වමින් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කලේය..

බලධාරීන් තවදුරටත් දිවි ගලවා ගත් අය නොමැති බව තීරණය කළ පසු, වළලනු ලැබූ මළ සිරුරු ඉවත් කිරීම සඳහා බර උපකරණ ගෙන එන බව ඔහු පැවසීය. ව්‍යුහය තවදුරටත් කඩා වැටීමට සහ තවමත් ජීවතුන් අතර සිටින අයට අනතුරක් විය හැකි බවට ඇති බිය නිසා යන්ත්‍ර භාවිතා නොකළ බවත් ඔහු පැහැදිලි කළේය.  ගොඩනැගිල්ලේ ඉතිරිව ඇති දේ අස්ථායී බවත් එය කඩා වැටීමට ඉඩ ඇති බැවින් වැඩ කිරීම අභියෝගාත්මක බවත් බලධාරීහු කියති.

අතර වැළලී අතුරුදහන් වී ඇති සිසුන්ගෙන් වැඩි දෙනා අවුරුදු 12 ත් 18 ත් අතර පිරිමි දරුවන් බව පෙනේ.

ගලවා ගැනීමේ සේවකයින්, පොලිස් නිලධාරීන් සහ සොල්දාදුවන් 300 කට වැඩි පිරිසක් සුන්බුන් හරහා වැඩ කරමින් සිටිති. බොහෝ ගලවා ගැනීම් සිදුවන්නේ ව්‍යසනයකින් පැය 36 ක්  ගතවීමට ආසන්නයේ ය.   මේ ස්වරූපය අපට කියන්නේ  සුන්බුන් යට සිටින පිරිස්වලට  ජීවත් වීමේ අවස්ථාවන් අඩුවන බවය.

අද උදෑසනත්  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  බලධාරීන් පවසන්නේ    අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව තහවුරු කිරීමට තවමත් උත්සාහ කරමින් සිටින බවය.

මේ වන විට තහවුරු කර ඇත්තේ මරණ තුනක් පමණි.   තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන්ගෙන් 26 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

2022 දී, රටේ ප්‍රධාන දූපත වන ජාවාහි ඇති වූ භූමිකම්පාවකින් සිය ගණනක් මිය ගොස් නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා විය. ඒ තත්ත්වය තුළවත් පාඩම් ඉගෙන නොගත් මේ අශිලාචාර මිනිස්සු තවමත් අස්ථාවර ගොඩනැගිලි ඉදිකරමින් සිටිති.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, පාසල කඩා වැටෙන අවස්ථාවේ කිසිදු භූ කම්පන ක්‍රියාකාරකමක් වාර්තා නොවූ බවය. මිනිස්සුන්ගේ බාල වැඩ විසින් නිර්මාණය කරන ඛේදවාචකයන් ස්වභාවික ඛේදවචාකයන්ට වඩා මිනිස් සමාජය කම්පනය කරන්නේය.

Share69Tweet43
Previous Post

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසලත් ආයුධ ගබඩාවක්… මේ ආයුධ ගබඩා  හමුවූ   03වන ජලාශය…

Next Post

පළමු මාස 08 තුළ පමණක් ඩොලර් බිලියනයක වාහන රට තුළට…

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.