ලලිත් චාමින්ද –
අක්මීමන මුලන ප්‍රදේශවාසීන් එක්ව ඇසළ පොහොය වෙනුවෙන් අද (03) පෙරවරුවේ සරුංගල් දන්සලක් සංවිධානය කර තිබිණි.
අද පෙරවරුවේ පෙරවරුවේ මුලන මංසන්ධියේ දී මෙම දන්සල පැවැත්විණි..
කුඩා දරුවන් සියයකට අධික පිරිසක් සඳහා මෙහිදී සරුංගල් සහ නූල් පන්දු ලබා දෙනු ලැබිය.
දරුපැටව් සරුංගල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.








