ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගැනීම නිසා මේ වන විට සරම්ප ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අද (13) ලංකාසර මේ පිළිබඳ කළ විමසීමකදී පවසා සිටියේය.
එන්නත් ලබා නොගත් දරුවන් අතර මෙන්ම මාස නවයේදී සරම්ප සඳහා එන්නත ලබා ගත්තත් ප්‍රතිශක්ති අඩු දරුවන්ට වෛරසය ආසාදනය විය හැකි බවද වෛද්‍යවරයා කියා සිටියේය. එබැවින් දරුවන් සියලු දෙනා සරම්ප සඳහා රජයෙන් නොමිලයේ ලබා දෙන එන්නත් මාත්‍රා නිසි පරිදි ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
මිත්‍යා විශ්වාස නිසා ප්‍රතිශක්තිකරණ එන්නත් මිනිසුන්ට නොලැබීම රෝගය පැතිර යාමට හේතුව බව වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් පැවසීය.
පාචනය, වමනය සහ මන්දපෝෂණය, නිවුමෝනියාව මෙම රෝගයේ වඩාත් සුලභ සංකූලතා විය හැකි අතර, රෝගය දිගු කලක් ගතවීමෙන් පසු මොළයට බලපානු ඇතැයි වෛද්‍ය පෙරේරා අනතුරු ඇඟවීය. වෛද්‍යවරයා පැවසුවේ මෙම ආසාදනය හදිසි මරණවලට පවා හේතු විය හැකි බවයි.
රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගත වූ දින තුන තුළ මේ වන විට සරම්ප බවට සැක කෙරෙන රෝගීන් 15 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉතිරි රෝගීන්ට රෝගය වැළඳී ඇති බවත් සායනිකව තහවුරු වී තිබේ.
