සූරියවැව නුවන් ජයසේකර –
දඩයමේ ගොස් තුවක්කුව ඉනේ ගසාගෙන යතුරු පැදියෙන් යළි නිවසට එමින් සිටියදී ගිණි අවිය පත්තු වී තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහළට ඇතුළත් කිරීමෙන් පසු අද (15) අළුයම මියගොස් ඇතැයි වලස්මුල්ල පොලිසිය පවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 ඉංජිනේරු බලකායට අනුයුක්තව වසර 09 පමණ කාලයක් සේවය කර පසුව සේවයට වාර්තා නොකර සිට යළිත් හමුදාවට බාර වී නිත්‍යානුකූල ඉන් ඉවත්ව ඇති තලගහවත්ත,රදනිආර, කිරම වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 14 වන දින රාත්‍රි සතුන් දඩයමේ ගොස් තිබේ. එලෙස දඩයමේ ගොස් සතුන් දඩයම් නොවීම නිසා මෙරට නිශ්පාදිත කොටන තුවක්කුවද ඉනේ ගසාගෙන අලුයම 02ට පමණ යතුරු පැදියෙන් යළි නිවසට එමින් සිටියදි ඔහුගේ නිවස ආසන්නයේදීම එකවර තුවක්කුව ක්‍රියාත්මක වී තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහු ප්‍රථිකාර සදහා වළස්මුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිගොස් තිබේ. තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







