ලලිත් චාමින්ද –
දකුණු පළාත් සභාවේ අධිකාරි පහ සදහා නව සභාපතිවරු පස්දෙනෙකු සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර විසින් පත්කොට ඇත.
ඒ අනුව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස එච්.කේ.කේ. කමල්, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස සමරදිවාකර විදාන පතිරණගේ ගාමිණි සරත්, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශයයේ සභාපතිවරයා ලෙස හෙරත් මුදියන්සේලාගේ රුවන් ප්‍රියාල්ල විජේරත්න පත්කොට ඇත.
එමෙන්ම දකුණු පළාත් සංවර්ධන අධිකාරිය සභාපතිවරයා ලෙස ප්‍රේමසිරි කළුආරච්චි, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරය ලෙස . ඩි.පි.කේ අමරසේකර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කොට ඇත. මිට අමතරව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආර්.එච් කමල් පත්කොට තිබේ. කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස. තරංගා වික්‍රමරත්න සහ සිරිසේන දේශප්‍රිය, ඥානරත්න මාපලගම පත්කොට ඇත.
දකුණු පළාත් සභා ඉතිහාසයේ පළමු වතාවට අධිකාරිවල සභාපති තනතුරු සඳහා වෘත්තිකයින්, හා එම ක්ෂේත්‍ර පිළිබද ප්‍රවිනයින් පත්කිරිමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පියවරගෙන තිබුණි.
මිට පෙර මෙම අධිකාරිවල සභාපති තනතුර සදහා හිටපු පළාත් සභා මන්ත්‍රිවරු හා දේශපාලන හිතවතුන් පත්කොට තිබුණි.







