ලලිත් චාමින්ද –
වසර හතකට වැඩිකාලයක් දකුණු පළාත්සභා පාසල්වල සේවයේ නියුතු විදුහල්පතිවරුන් ශ්‍රිලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ මෙම වර්ෂයේ මාර්තු මස 03 වැනිදින සිට මාරු කිරීමට පියවරගෙන ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ආර්. පතිරණ පවසයි.
වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග යටතේ වසර හතක කාලයක් එකම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන්ගෙන් සහ වසර තුනක හා වසර හතක කාලයක් එකම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන්ගෙන් අයදුම්පත් කැඳවා වාර්ෂික ස්ථානමාරු මණ්ඩලයේ නිර්දේශ ප්‍රකාරව සකස්කරණු ලැබු, වෘත්තීය සමිති ද ඇතුළත් මාරු මණ්ඩල තීරණ මත මෙම මාරුවීම් සිදුකොට ඇති බවද අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
අදාල ස්ථාන මාරුවිම් නියෝග සම්බන්ධයෙන් කිසියම් නිලධාරියෙකු අභියාචනා ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම් එම අභියාචනා අයදුම්පත් පෙබරවාරි මස 03 වැනි දිනට පෙර ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.







