බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොරොම්බල් කර රටට ගෙනා “නැනෝ නයිටජ්‍රන්“ ගැන මෙතෙක් කිසිවෙක් නොකී ඇත්තම ඇත්ත….

by editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ශාකයට අවශ්‍ය සියයට 90ක් පෝෂණය ගන්නේ මූල මණ්ඩලයෙන්. ශාකයේ පත්‍ර  පවතින්නේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට සහ ආහාර නිෂ්පාදනයට.

  • පත්‍රවලින් ලබා දෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන ක්ෂුද්‍ර පෝෂක මිස ප්‍රධාන පෝෂක වන නයිට්‍රජන් පොස්පරස් හෝ පොටෑසියම් නෙවෙයි.

  • මෙම දියර නයිට්‍රජන් හෙක්ටයාරයකට ලැබෙන්නේ ලීටර 2.5ක් පමණයි..   එහි උපරිම වශයෙන් පැවතිය හැක්කේ යූරියා  ග්‍රෑම් 1250ක් නයිට්‍රජන් ග්‍රෑම් 750ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්…  නිසි අස්වනු ලබා ගැනීමට නම් අවම වශයෙන්  හෙක්ටයාරයකට නයිට්‍රජන්  කිලෝ ග්‍රෑම් 40ක් අවශ්‍යයයි…

  • මේ පොහොර සඳහා රුපියල් මිලියන 3000ක්වත් අඩුම තරමින් වැය වෙනවා… මේ නයිට්‍රජන් උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියා කළද වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාව සපුරන්නේ නම් එය ආශ්චර්යයක්…

  • ඇත්ත නම් මේ ඉන්දියානු පොහොර සමාගමටවත් මෙවැනි මහා පරිමාණ ගොවිතැන් සඳහා මේ පොහොර යෙදවීම ගැන අත්දැකීමක් හෝ පරීක්ෂණ දත්ත නෑ…

Prof-Saman-Senaweera
මහාචාර්ය සමන් සෙනෙවීර

මහ කන්නයේ වගා කරන ගොවීන්ගේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාක කායික විද්‍යාව සැලකීමේදී ශාකයකට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලබා දීමට ප්‍රමාණවත් විය නොහැකි බවට තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සරසවියේ හිටපු පැළෑටි කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමන් සෙනෙවීර  පවසයි.

ශාකයට අවශ්‍ය පෝෂණ ලබා ගැනීම සඳහා ශාකයක් පරිණාමය වී ඇත්තේ එහි මූල මණ්ඩලයෙන් බවත් මෙම දියර පොහොර පත්‍රවලින් ලබා දෙන අතර එයින් උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව ශාකයට අවශ්‍ය පෝෂණය නොලැබෙන බවත් මහාචාර්ය සෙනෙවීර පෙන්වා දෙයි.

හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කළ මහාචාර්ය සෙනෙවීර ලංකසර වෙත මේ පිළිබඳව තම මතය ඉදිරිපත් කරමින්  පවසන්නේ පොහොර අර්බුදය සම්බන්ධයෙන් මේ වනවිට ගොවීන් අතර පවතින කලබලකාරී තත්ත්වය සමනය කිරීම සඳහා එය තාවකාලික විසඳුමක් විය හැකි වුවද එයින් වී හෝ බඩඉරිඟු වැනි වගාවන් හි අපෙක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නයිට්‍රජන් සැපයුමක් නොලැබෙන ආකාරය ය.

මේ පිළිබඳව තවදුරටත් ඔහු විස්තර කළේ මෙසේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පත්‍රවලට ඉසින නයිටිජන්වල   නිශ්ඵලකම  

“ශාකයක් පරිණාමීය ව හැඩ ගැසී ඇත්තේ එහි මූල මණ්ඩලයෙන් අවශ්‍ය පෝෂණ ලබා ගැනීමට. ඒ අනුව ශාකයට අවශ්‍ය  සියයට 90ක් පෝෂණය ගන්නේ මූල මණ්ඩලයෙන්. ශාකයේ පත්‍ර  පවතින්නේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට සහ ආහාර නිෂ්පාදනයට.“

සරලව පවසනවා නම් කාබන් ඩයයොක්සයිඩ් උරා ගෙන හිරු එළිය ආධාරයෙන් ඔක්සිජන් සහ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි පත්‍ර මගින් කරන්නෙ.

සාමාන්‍යයෙන් පත්‍රවලට දියර පොහොර ගහන්නේ සාමාන්‍ය සුළු පෝෂණ ඌණතා නිවැරදි කරවා ගන්න. විශේෂයෙන් මේ ආකාරයට පත්‍රවලින් ලබා දෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන ක්ෂුද්‍ර පෝෂක වන  මැග්නීසියම්, යකඩ, කොපර් සින්ක් මැංගනස් බෝරෝන්  වැනි දේවල් මිස ප්‍රධාන පෝෂක වන නයිට්‍රජන් පොස්පරස් හෝ පොටෑසියම් නෙවෙයි.දියරපොහොර  භාවිත කරන්නෙ කුමක්ට ද?

නමුත්  දැන් ලෝකයේ  දියර පොහොරත් ප්‍රධාන මූල පෝෂණවලට පාවිච්චි කරනවා. නමුත් ඒ පොඩි හිඟයක් පැවතුණොත් ඒක නිවැරදි කර ගන්න. මේක විශේෂයෙන්ම මෙවැනි යෙදීමත් කරන්නේ ශාකයේ මල් පිපුණාට පසුවයි. ඒ කාලය වන විට ශාකයේ පෝෂණ අවශෝෂණ හැකියාව අඩු වෙන නිසා එසේ කරනවා. “ මහචාර්ය සෙනෙවීර පවසයි.

මේ වනවිට ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර මිලියන 3.1ක් ගෙන්වීමට කටයුතු කර ඇති අතර රටේ මහ කන්නය සඳහා වගා කරන වී සහ බඩඉරිඟු බිම් ප්‍රමාණය වන හෙක්ටයාර ලක්ෂ 9 සැලකීමේදී මෙම නයිට්‍රජන් හෙක්ටයාරයකට ලැබෙන්නේ ලීටර 2.5ක් පමණ වන බවත් එහි උපරිම වශයෙන් පැවතිය හැක්කේ යූරියා  ග්‍රෑම් 1250ක් නයිට්‍රජන් ග්‍රෑම් 750ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්  බවත් පෙන්වා දෙන  මහාචාර්ය සෙනෙවීර නිසි අස්වනු ලබා ගැනීමට නම් අවම වශයෙන්  හෙක්ටයාරයකට නයිට්‍රජන්  කිලෝ ග්‍රෑම් 40ක් අවශ්‍ය බව කියයි. මේ ප්‍රමාණය පසට ලැබීමට නම් අවම වශයෙන් හෙක්ටාරයකට  කිලෝ 250ක්වත් යූරියා යෙදිය යුතු බවත් ඔහු පවසයි.

මහාචාර්ය සෙනෙවීර තවදුරටත් අවධාරණය කරන්නේ මෙම යොදන නැනෝ  නයිට්‍රජන් උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියා කළද වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාව සපුරන්නේ නම් එය ආශ්චර්යයක්ම වනු ඇති බවය.

ඉන්දියාවෙන් ගෙනාවේ නයිට්‍රිජන් දියර පොහොර ආශ්චර්යයක් ද?

“ මමත් නැනෝ පොහොර නිපදවීම සම්බන්ධ පර්යේෂණ කළ කෙනෙක්. අනෙක මම අදාළ නිෂ්පාදකයාගෙන් මෙම පොහොර සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත පිළිබඳව සහ ක්ෂේත්‍ර පර්යේෂණ පිළිබඳව සොයා බැලුවා. මේ වගේ විශාල පොහොරක් භාවිතයක් ගැන,  එනම් මේ පොහොරවල  මහා පරිමාණ යෙදවුම් පිළිබඳව ඔවුන් ලඟ පර්යේෂණ ප්‍රතිඵල නැහැ.

මේක තහවුරු කිරීමට නිෂ්පාදකයා ළඟ දත්ත නෑ. මේ කාර්යක්ෂම තාව තහවුරු කිරීමට නම් නයිට්‍රජන් ස්ථාවර සමස්ථානික පරික්ෂාවක් කළ යුතුයි.

මේ වනවිට නැනෝ නයිට්‍රජන් ලීටර මිලියන 3.1ක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇති අතර එක ලීටරයකට සාමාන්‍යයෙන් ශ්‍රි ලංකා මුදලින් රුපියල් දහසක් පමණ වැයවන බවත් ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 3000ක්වත් අඩුම තරමින් වැය වුවද ඊට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැති බව ඔහු පෙන්වා දෙයි.

නැනෝ පොහොරවල ඇත්ත කතාව

“නැනෝ තාක්ෂණය අපට බලාපොරොත්තු තැබිය හැකි තාක්ෂණයක්. ඒ මගින් නිපදවන කාර්යක්ෂම පොහොර වර්ග ලෝකයේ  දියුණු රටවලත් භාවිත වෙනවා. නමුත් මේ බොහොමයක් පොහොර කාර්යක්ෂමතාව වැඩි කරන ලද මූල  මණ්ඩලය මඟින් ලබා දෙන පොහොර.

ඇත්තටම එවැනි වැඩි දියුණු කිරීම් අවශ්‍යයි. මොකද සාම්ප්‍රදායික යූරියා පොහොරවලින් ශාකයට ලැබෙන්නේ යෙදවුමෙන් සියයට 30ක් 35ක්. මෙය  ගෝලීයව පවතින ප්‍රශ්නයක්. මේකට විකල්ප හදල තියෙනවා.  අප කළ යුතුව තිබෙන්නේ මේ වෙලාවේ හරි නිවැරදි තීරණය අරන් පසට සහ වගාවට ඉතාම වැදගත් පොහොර මොනවද කියන එක තීරණය කිරීමයි.

මෙසේ හිතන හිතන ආකාරයෙන් තීරණ අරන් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක වීමෙන් සිදුවන්නේ රටේ ආහාර සුරකෂිතතාව අභියෝගයට ලක්වී රටේ ජනතාවගේ දිලිඳුභාවය තවදුරටත් වැඩි වීමයි. “ මහාචාර්ය සෙනෙවීර සඳහන් කරයි.

කියවන්න..

පිටරටින් කාබනික පොහොර ගේන්න එපා… නිදාගෙන ඉන්න යක්කුත් ඇහැ‍රෙන්න පුළුවන් – මහාචාර්ය සමන් සෙනෙවීර

ආනයනික කාබනික දියර පොහොර රටට හෙණයක් වෙන හැටි දැනගන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරුණාකරලා වැඩේ හරියට කරන්න… මට තීරණයක් ගන්න ඉඩ තියන්න එපා… ජනපති මහින්දානන්දට දන්වයි!

Next Post

‘ගෑස් – හාල් – තෙල් මිල ඉහළ යාම් තාවකාලික ප්‍රශ්න විතරයි’ – ඇමති ජොන්ස්ටන්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

Comments 1

  1. Kumari says:
    වසර 5ක් ago

    මෙතුමා මහාචාර්ය පදවියක් දරන්නේ කුමන විශ්වවිද්‍යාලයේද?

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.