අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙවන මාත්‍රාව ලබාදීම කල්දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රංශය සහ ජර්මනිය පයින් ගසයි

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීම ඉවත දමමින් ප්‍රංශය සහ ජර්මනිය එරට වැසියන්නට තෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබේ.

ගෝලීය වශයෙන් කොරෝනා එන්නත් බෙදීයාමේ දැඩි විශමතාවක් පවතින බැවින් අවම වශයෙන් තෙවන මාත්‍රාව ලබාදීම සැප්තැම්බර් මාසයේ අගවන තෙක කල් දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (4) සියලුම රටවලින් ඉල්ලා සිටියේය.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබි්‍රයෙසස් විසින් ප්‍රකාශ කර සිටියේ ධනවත් රටවල් අතර වැඩිවශයෙන් එන්නත් බෙදීයාමක් සිදුවන බවයි.

ඒ අනුව අඩු ආදායම් ලාභී රටවලට ප්‍රමාණවත් තරම් එන්නත් තොග ලබාගැනීමට නොහැකි වීම නිසා එන්නත සියලු ලෝ වැසියන් අතරේ සාධාරණව බෙදීයාමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එහිදී පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර ඇත්තේ සැලසුම්කර තිබූ පරිදිම එරට වැඩිහිටි ජනගහනයට සහ අවදානම් මට්ටමේ සිටින පිරිසට කාරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බවයි.

“තෙවන මාත්‍රාව සෑම කෙනෙකුටම අවශ්‍ය නොවුනත් එය වැඩිහිටියන්ට සහ අවදානම්කාරී තත්ත්ව වල සිටින පිරිසට බොහෝවිට අත්‍යවශ්‍ය වේවි.” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා සිය නිල ඉස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබේ.

මේ අතර ජර්මනිය විසින්ද එරට ප්‍රතිශක්තිය අවම මට්ටමේ ඇති පිරිසට සහ වැඩිහිටි ජනතාවට තෙවන මාත්‍රාවක් ලබාදීමට නියමිතය. ඒ අනුව සැපතැම්බර් මාසයේ සිට තෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බව ජර්මානියේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එසේම ධනවත් රටවල් එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එබැවින් අඩු ආදායම් ලාභී රටවලට සාධාරණව එන්නත් බොදීයාමේ ගැටලුවක් පවතින බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය කළ චෝදනාව ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඒ අනුව ජර්මනිය ප්‍රකාශ කර ඇත්තේ සිය රාජ්‍ය අවම වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ තිහක් අඩු ආදායම් ලාභී රටවල් අතර බෙදා දීමට පියවර ගෙන ඇති බවයි.

“අපි අවාදනම්කාරී තත්ත්වයේ පසුවන ජනයා ආරක්ෂා කිරිමටත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැලක්වීමටත් අරමුණ කරගෙනයි මෙම තෙවන මාත්‍රාව ලබාදෙන්නේ” යනුවෙන්ද ජර්මානු සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජර්මිනිය සහ ප්‍රංශ අවම එරට ජනගහනයෙන් සියයට හැටකට අධික ප්‍රතිශතයකට එක් එන්නත් මාත්‍රාවක් හේ ලබාදී ඇත.

එසේම ප්‍රංශය එරට ජනගහනයෙන් සියයට හතලිස් නවයක් සහ ජර්මානිය එරට ජනගහනයෙන් සියයට පනස් තුනක් පූර්ණ එන්නත්කරනයට ලක්කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇප

Next Post

75 වන නිදහස් සමරුවට ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ සැමරුමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.