සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සය මසකට ප්‍රමාණවත් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ගෙන්වීමට සැලසුම්කර තිබූ බොර තෙල් තොගයක් සැපයීමට පොරොන්දුව සිටි සැයපුම්කරුවා පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වත්වය ඔවුන්ගේ ණය කොන්දේසි දැඩි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සැපයුම අඩාල වීමේ අවදානමක් පැන නැගී ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රජ්‍යයේ කොරල් එනර්ජි DMCC නම් සමාගම ජූනි මාසයේ සිට මාස හයක කාලයක් බොරතෙල් සැපයීමට එකඟ වී තිබිණි. මෙම සමාගම මේ සඳහා දින 200ක ණය කාලයක් ලබා දී තිබුණද ශ්‍රි ලංකාව විදේශ ණය පැහැර හරින බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු මෙම ණය කාල සීමාව දින 80ක් දක්වා අඩු කර ඇත.
ප්‍රවාහන ඇතුළු ඉන්ධන අවශ්‍යතා සඳහා මෙන්ම විදුලි බල ජනනය සඳහා ඉන්ධන ලබා ගැනීමේදී වඩාත්ම කාර්යක්ෂම ක්‍රමවේදය වන්නේ සපුගස්කන්ද පිරිපහදුව කියාත්මක කිරීමය. මේ සඳහා මෙම සමාගම බොරතෙල් ටොන් 95,000ක නැව්ගත කිරීම් හයක් ලෙස ලබා දීමට එකඟත්වය පළ කර තිබුණි. එසේ වුවද මේ වනවිට මෙම ඉන්ධන ලබා ගැනීමට අදාළ ඩොලර් දින 80ක් තුළ සැපයීම සම්බන්දයෙන් අර්බුදයක් නිර්මාණය වී අති බව මුදල් අමාත්‍යංශ අරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රි ලංකාවට ඉන්දියාවෙන් ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ණය සහනය ක්‍රමයෙන් අවසන් වන අතර මුදල් අමාත්‍යවරයා ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය යෝජනා කුමයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇත.
මෙම සහනය තවමත් ලැබී නමැති අතර එයින් පසුව රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම මේ වනවිට නොවිසඳුණු ගැටලුවක් බවට පත්ව ඇතැයි මෙම නිලධාරියා පැවසීය.







