තිරිඟු පිටි ආනයනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ බලපත්‍ර ක්‍රමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි කළ බවමුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ආනයනික තිරිඟු පිටි සඳහා වන බද්ද රු. 16 සිට රු. 27 ක්, සහ අමතර බද්ද රු. 6 තිරිඟු සඳහා පනවනු ලබන බව හෙතෙම අද පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
තිරිඟු පිටි ආනයන පාලනය ක්‍රියාත්මක කිරීම මෙම ක්‍රියාමාර්ගවල ප‍්‍රධාන අරමුණ බවත් මෙම වෙනස්කම් සිදු වුවද තිරිඟු පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.