ලොව පුරා පොසිල ඉන්ධන භාවිත සම්බන්ධයෙන් දැඩි කතා බහකට ලක්ව ඇති වි තිබේ. එහිදී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගන්න පොසිල ඉන්ධන දහනය කරනු ලබන රථවාහන සම්බන්ධයෙන් දැඩි ගෝලීය කතා බහක්ද නිර්මාණය වී ඇත.
එවන පසුබිමක විදුලි බලයෙන් ධාවනය කළ හැකි රථවාහන කෙරෙහි දැඩි අවධානයක් යොමුවෙමින්ද පවතී. එහිදී පොසිල ඉන්ධන දහනය අවම කරලීමට පුද්ගලික රථවාහන වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමටත් එම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පොසිල ඉන්ධන වෙනුවට ආදේශක යොදා ගැනීම කෙරහිත් අවධානය යොමුව ඇත.
මෙම නව ප්‍රවනතාව තුළ අද වනවිට ලෝකයේම අවධානය බටහිර යුරෝපය කෙරෙහි යොමුව තිබුණද එම රටවල් අභිබවායාමට අප අසල්වැසි රාජ්‍යවන ඉන්දියාව සමත්ව තිබේ. ඒ අනුව අද වන විට විදුලි බස් රථ භාවිතයේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි.
එහිදී ඉන්දීය රජය විසින් එරට තුළ විදුලි බස්රථ යෙදවීම සඳහා නව ඉලක්ක තබා ඇති අතර ඒ සඳහා විදුලි බස් රථ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයට පිවිසෙන වන පිරිස් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

විදුලි බස් රථ ව්‍යාපෘතියේ ආරම්භය සහ අභියෝග
ඉන්දීය රජය විසින් විදුලි බස් රථ ප්‍රවර්ධනය කිරීමට මුල පුරන්නේ 2017 දීය. එය ඉන්දීය රජය විසින් හයිබ්‍රිඩ් සහ විදුලි වාහන නිෂ්පාදනය (FAME) යෝජනා ක්‍රමය දියත් කිරීමත් සමඟ ආරම්භ විය. මෙම නව යෝජනා ක්‍රමය මඟින් බස් රථ ඇතුළු විදුලි වාහන මිලදී ගැනීම සඳහා සහනාධාර ලබා දීමට ඉන්දීය රජය පියවර ගනු ලැබීය.
මේ අතර 2018 දී ඉන්දීය රජය විසින් ජාතික විදුලි සංචලතා මෙහෙවර සැලැස්ම (NEMMP) දියත් කරන ලද අතර එමගින් වර්ෂ 2030 වන විට සියලුම නව වාහන අලෙවියෙන් 30% ක් විදුලියෙන් ධාවනය වන වාහන බවට පත් කිරීම අරමුණු කර ගෙන ඇත. එම සැලැස්ම යටතට වර්ෂ 2023 වන විට විදුලි බස් රථ හැටදාහක් යෙදවීමේ ඉලක්කයක්ද ඇතුළත් වේ.
කෙසේ වෙතත් විදුලි බස් රථ වැඩ සටහන ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීම අපෙක්ෂා කළ පරිදි ඉතා පහසු කාර්යක් නොවීය. එම වැඩසහටන මුහුණ දුන් විශාලත අභියෝගය වූයේ වන්නේ විදුලි බස් රථවල බැටරි ආරෝපණ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකමයි. විශාල විදුලි බස් රථ සමූහයකට සහාය වීමට ප්‍රමාණවත් ආරෝපණ මධ්‍යස්ථාන ඉන්දියාව තුළ දැනට නොමැත. එහෙත් මෙම අභියෝගයට මුහුණ දීම සඳහා වර්ෂ 2025 වන විට ඉන්දියාව පුරා ආරෝපණ මධ්‍යස්ථාන 7,000 ක් ස්ථාපිත කිරීමට රජය මේවන විටත සැලසුම් කර ඇත.
මීට අමතරව තවත් අභියෝගයක් වන්නේ විදුලි බස් රථවල මිල අධික වීමය. විදුලි බස් රථ තවමත් ඩීසල් බස් රථවලට වඩා මිල අධික බැවින් ඒවා සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අඩු ආකර්ෂණයකි. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා රජය විදුලි බස් රථ මිලදී ගන්නා පිරිසට සහනාධාරයක් ද ලබා දෙයි. හයිබ්‍රිඩ් සහ විදුලි වාහන නිෂ්පාදනය (FAME) යෝජනා ක්‍රමය මගින් විදුලි බස් රථයක් මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ එකහාමාරක් දක්වා සහනාධාරයක් ලබා දීම සිදුකරයි.
මෙම අභියෝග මධ්‍යයේ වුවද විදුලි බස් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය කැපවී සිටී. ඒ අනුව විදුලි බස් කර්මාන්තය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, විදුලි බස්රථ සඳහා වඩාත් හිතකර නියාමන පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටී.

වේගයෙන් වර්ධනය වන කර්මාන්තය
ඉන්දියානු විදුලි බස් කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. දැනට ඉන්දියාවේ විදුලි බස්රථ නිෂ්පාදනය කරන සමාගම් 20කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඉදිරි වසරවලදී එම සංඛ්‍යාව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිල්ලි නගරයේ ඉන්දියාවේ විශාලතම විදුලි බස් රථ සමූහයක් ඇති අතර බස්රථ 300 කට වඩා ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ද විදුලි බස්රථ භාවිතයේ ප්‍රමුඛයා වන අතර බස් රථ 200 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.
ඉන්දියාවේ විදුලි බස් ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනෙකුත් රටවල අවධානයටද ලක්ව ඇත. චීනය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් දැන් විදුලි බස් රථ භාවිතය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශය සඳහා ඉන්දියාව දෙස බලා සිටී.
අනාගය දීප්තිමත්
ඉන්දියාවේ විදුලි බස්රථවල අනාගතය දීප්තිමත් බව පෙනේ. රජයේ සහයෝගය සහ වර්ධනය වන කර්මාන්තය සමඟ ඉන්දියාව විදුලි බස්රථ භාවිතයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්වීමට සූදානමින් සිටින බව පෙනීයයි.
ඉන්දීය රජය විසින් විදුලි බස් රථ ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් හිඟ බව සහ අධික පිරිවැය යන අභියෝග වලට විසිදුම් සෙවීම සඳහා ඉන්දීය රජය විසින් මේවන විට පියවර ගෙන ඇත. ඒ අනුව විදුලි බස් රථ සඳහා ප්‍රමිතයත් සකස් කිරීමත් එමගින් බස් රථ භාවිතා කරන්නන් හට විදුලි බස්රථ මිලදී ගැනීමට සහ නඩත්තු කිරීමට පහසු වනු ඇත.
මේ අතර විදුලි බස් රථ සඳහා බදු සහන සහ ගාස්තු වලින් නිදහස් කිරීම් වැනි වඩාත් හිතකර නියාමන පරිසරයක් නිර්මාණය කිරීමට ඉන්දීය රජය ක්‍රියා කරයි. එමෙන්ම විදුළි බස්රථ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් එහි අත්දැකීම් සහ ප්‍රවීණත්වය බෙදා ගැනීමට වෙනත් රටවල් සමඟ කටයුතු කරමින් සිටියි.
එමෙන්ම ඉන්දියාවේ විදුලි බස් කර්මාන්තය ඉදිරි වසරවලදී රැකියා දහස් ගණනක් උත්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාවේ බොහෝ නගරවල පවතින ප්‍රධාන ගැටලුවක් වන රටේ වායු දූෂණය අවම කිරීමට ඉන්දියාවේ විදුලි බස් වැඩසටහනේ සාර්ථකත්වය උපකාරී වුන ඇති බවටද අපෙක්ෂිතය.
ඒ අනුව ඉන්දියාව ඉදිරියේදී සිය කාලගුණ විපර්යාස අවම කිරීමේ පොරෝන්දු කඩිනමින් ඉටු කළ රටක් බවටද පත්වනු ඇති බවට අපෙක්ෂා කළ හැකිය.
එහිදී ඉන්දියාව විදුලි බස් රථ සඳහා යොදා ගන්නා විදුලියද සූර්ය බලයෙන් නිපදනවන අතර එමගින්ද පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සමත්ව ඇත







