ශ්‍රියානි විජේසිංහ –
ඇඹිලිපිටය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය එක්වරම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් රෝහලේ සැත්කම් මුළුමනින්ම නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිදුකල යුතු වැඩ ප්‍රමාණය අධික වීම හේතුවෙන් එය දරාගැනීමට නොහැකි වීම මත තමා සේවයෙන් ඉවත් වූ බවට රෝහල් අධ්‍යක්ෂවරයා වෙත වෛද්‍යවරිය ලිඛිතව දන්වා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
රෝහලේ සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් පසුගිය වසරේ ඔක්තොම්බර් මස 01 වැනිදා සහ මේ වසරේ අප්‍රේල් මස 10 වැනිදා විදේශ ගත වීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරිද සිදුකර ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරිය බව ලංකාසර කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
කෙසේ නමුත් දිනකට රෝහල තුළ සුළු සැත්කම් 40ක් හා බරපතල සැත්කම් 10ක් සිදුකරන නමුත් ඒ සියල්ලම මේ වන විට නතර වී ඇතැයිද හෙතෙම පැවසුවේය.
දිනකට සිසේරියන් සැත්කම් 6 – 7 ක් පමණ රෝහල තුළ සිදුකරන බැවින් මේ වන විට තංගල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ලබා ගෙන අතැයිද පැවසේ.
කෙසේ නමුත් තංගල්ල රෝහලේ නිර්වින්ද විශේෂඥ වෛද්‍යවරයාට මේ වනවිට තංගල්ල රෝහල හැරුනු කොට හම්බන්තොට රෝහල තුළද සේවය කිරිමට සිදුව ඇති බැවින් ඔවුගේ සේවාවද කොයි මොහෙතක හෝ නතර වනු ඇති බව හෙතෙම පැවසුවේය.
මේ අනුව ඇඹිලිපිටිය රෝහලට සැත්කම් සදහා පැමිණෙන රෝගීන් රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත යැවීමට කටයුතු කරන බවද පැවසේ.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
මේ අතර අඹිලිපිටිය රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවාරයාද මේ මාස අග වන විට විදේශකත වීමේ සූදානමක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.