කීර්ති ප්‍රනාන්දු –
තාරකා ඉබ්බන් පැටව් 223 දෙනකු නීති විරෝධී ලෙස තබාගෙන සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
මෙරටින් රැගෙන යාම සඳහා ඉන්දියන් ජාතිකයන් දෙදෙනා මෙම තාරකා ඉබ්බන් පෙට්ටිවල අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බවත් ශ්‍රී ලාංකිකයා ඒ සඳහා උදව් උපකාර ලබා දී ඇති බවත් මෙම තාරකා ඉබ්බන් සොයා ගැනීම සඳහා ඔහුගේ උදව් ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.
මෙම ඉන්දියන් ජාතිකයින් දෙදෙනා සහ ශ්‍රී ලාංකිකයා එක්ව මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් තුළදී මෙම තාරකා ඉබ්බන් පෙට්ටි වල සූක්ෂම ලෙස අසුරා මෙරටින් රැගෙන යාමට සූදානම් කර තිබූ ඇති බව පොලිසියට අනාවරණය වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති මීගමුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිද්ධිය දෙරණ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ මෙසේය.