‘හන් කුවාන්ග් වාර්ෂික යුධ තරඟවල දෙවැනි අදියර වෙනුවෙන් චීන ජනතා විමුක්ති හමුදාවේ නාවික යාත්‍රා තායිවානයේ නැගෙහිර වෙරළ තීරයට ආසන්නව නැංගුරම් ලා තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙය එරට විශාලතම හමුදා පුහුණු වෙන අතර සියලුම හමුදා ඛණ්ඩ ඒ සඳහා එක් වෙයි.
තායිවාන පුවත්වලට අනුව නාවික යාත්‍රා තායිවානයේ ෆෙන්ග්බින් මුහුදුබඩ නගරයේ සිට නාවික සැතපුම් 44ක් දුරින් දක්නට ලැබේ. ජූලි 25 – 29 දක්වා හන් කුවාන්ග් පුහුණුවේ දෙවැනි අදියර පැවැත්වෙන අතර එහිදී සජීවි වෙඩි හරඹ දක්නට අවස්ථාව ලැබේ.
නාවික පුහුණුවීම්වලට අමතරව ජනතා විමුක්ති හමුදාවේ ගුවන් පුහුණුවීම් ද තායිවාන් දූපතේ නිරිතදිග හා ගිනිකොන දෙසින් සිදුවෙන අතර එම ගුවන් හමුදා හරඹ සඳහා H-6 බෝම්බ හෙලන ගුවන් යානාවක්, J – 11 ප්‍රහාරක ජෙට් යානා, KJ – 500 පෙර දැනුම් දීම් ගුවන් යානාවක් හා Ka – 28 සබ්මැරීන් විරෝධී හමුදා හෙලිකොප්ටරයක් ආදී යානා ගණනාවක් එක්ව ඇත.