බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිරාජා හෝ කණ්ඩුල නැවත තායිලන්තයට ගෙන යෑමේ කිසිම තීරණයක් නෑ… තායි තානාපති නුවර දී කියයි!

by editor
ජූලි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තායිරාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට හිමිවූ කිසිදු ඇතෙකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ තීරණයක් නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් ( Poj Harnpol )  පවසයි.

ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් දියවඩන නිලමේ නිලංග දෑල සහ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුලු පිරිස සුදුහුම්පොල දී ….

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යතුළ විවිධ පළවීම් දුටුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව තානාපතිවරයා සඳහන් කළේය.

අද (06) පෙරවරුවේ මහනුවරට පැමිණි තායිලන්ත තානාපතිවරයා, ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  විසින් තානාපතිවරයා පිළිගන්නා ලද අතර අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරියේදි ඔවුන් සාකච්ඡාවක නිරතවිය.

මුතුරාජා ඇතු මේ වන විට සුවයෙන් පසුවන බව එහිදී කී තානාපතිවරයා, සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය.

මඳකිපීම හේතුවෙන් ඇත් පංතියෙන් වෙන් කොට විවේක කාලයෙන් ගත කරන තායිරාජා ඇතු නිරීක්ෂණය සඳහා තානාපතිවරයාගෙන් සමන්විත දූත පිරිස සුදුහුම්පොල රජමහා විහාරයට පැමිණියෝය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මුතුරාජා බලන්න පැමිණි තානාපතිවරයා ඇතුලු පිරිස…

යම් යම් සිදුවීම් වාර්තාවුවත් අලි ඇතුන් පීඩාවට පත්කිරීමක් සිදු නොවන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ප්‍රතිකාර කටයුතු, රැක බලා ගැනීම් කළත් ශල්‍යකර්ම වැනි ප්‍රතිකාරවලින් අනතුරුව සතුන් රැක බලා ගැනීමේ රෝහල් නොමැතිවීම ගැටලුවක් වී ඇතැයි ඔහු පැවසුවේය.

මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇත් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද කී දියවඩන නිලමේවරයා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන බව ද පෙන්වා දුන්නේය. තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රිතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව කී දියවඩන නිලමේවරයා එම සත්වයන් රැසක් සුරක්ෂිතව පසුවන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ   මහාචාර්ය අශෝක දංගොල්ල   ද මේ අවස්ථාවට එක්විය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිඹුලාගල දි ළමා අපචාර කර පලා ගිය ගුරුවරයා අත්අඩංගුවට… ලබන 13 තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

Next Post

ඇස් රෝහලේ සිදුවූ රෝගි මරණය ගැන වෝහාරික විශ්ලේෂණ වාර්තාවක් අවශ්‍යයයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.