බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන විගණනය කියන – පජාති දේශපාලකයන් නොකියන ඇත්ත කතාව

ත්‍රිකුණාමල‍යෙන් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න හැකි අයුරු බව විගණනය හෙළිකරයි...

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිරණයේ  ඇති  විශාල තෙල්  ටැංකි ප්‍රමාණයක් ඉතා සුළු ප්‍රතිසංස්කරණයකින් පසුව   භාවිතයට ගතහැකි බැව් ජාතික විගණන කාර්යාලය මගින් මෙරට    ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදාහැරිම පිළිබඳ  කරණු ලැබු විශේෂ විගණනයකදි අනාවරණය වි ඇත

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ  ඉහළ තාක්ෂණික නිලධාරින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් 2016 වර්ෂයේ  පෙබරවාරි 06 වැනි දින ඉදිරිපත් කරනු ලැබු වාර්තාවට අනුව  සුළු ප්‍රතිසංස්කරණයකින් පසුව  මෙම ඉන්ධන ගබඩා කිරීමට යොදාගත හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ.  

මෙම තෙල් ටැංකි සංකීරණය ‍ දෙවන ලෝක සංග්‍රාමයේ දී ඉදිකළ එකකි. එහි ධාරිතාවය ඝණමිටර් 12.500ක් බැගින්වන ටැංකි 99ක් ප්‍රමාණයක් පවති.  ඉන් ටැංකි 14ක් ප්‍රමාණයක්  ඉන්දියානු ලංකා තෙල් සමාගමට  2003 වර්ෂයේ දි පවරා ඇත. අදාල ගිවිසුම කල් ඉකුත් වූ පසු 2023 දී එම සමස්ථ තෙල් ටැංකි ප්‍රමාණය රජයට ලැබීමට නියමිතය. එම තෙල් ටැංකි ලැබෙන තුරු දැනට  භාවිතා නොකරණ  ටැංකි අලුත්වැඩියා කර භාවිතා කිරීමෙන්  දැනට රටතුළ පවතින සමස්ත තෙල්  ගබඩා ධාරිතාවය  මෙන් 1.5 ගුණයක් ගබඩා ධාරිතාව නැන්විය හැකි බවත් විගණනය පෙන්වා දේ.‍ෙ

ත්‍රිකුණාමල වරාය ලෝකයේ ඇති ගැඹුරු වරායකි. ත්‍රිකුණාමල වරායේ සිට  තෙල් ගොඩබෑම සිදුවන අතර  ඒ සඳහා අවශ්‍ය මුලික යටිතල  පහසුකම් සමග  ටැංකි 12කට වැඩි ප්‍රමාණයක්   නැවත භාවිතයට ගැනීමට අලුත්වැඩියා කිරීම සඳහා  ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ඇස්තමේන්තුකර ඇත. එම තෙල් ටැංකි භාවිතයෙන්  ත්‍රිකුණාමලයට ආසන්න පළාත් වෙත  ඉන්ධන බෙදාහැරිම මගින්  ප්‍රවාහන පිරිවැයෙන්  වාර්ෂික ඉතිරිය  ආසන්න වශයෙන්  රුපියල් මිලියන  620ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රි ලංකාව  ප්‍රධාන ජාත්‍යාන්තර් මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා තිබේ. එම නිසා මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම මගින්  මෙරට නැව් තෙල් ව්‍යාපාරය වඩාත් පහසුවෙන් සිදුකළ හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයට හා  වරාය වෙත දැනටමත් ස්ථාපිතකර ඇති දුම්රිය මාවත් හා ගැල් හැසිරිවිය හැකි පද්ධතිය  භාවිතයට ඇති ඉඩකඩ  වඩා වාසිදායක තත්වයක් වන බවද විගණන වාර්තාවේ සඳහන්  වේ.

ත්‍රිකුණාමලය  වරාය ආශ්‍රිතව පිහිටා ඇති  තෙල් ටැංකි සංකිර්ණය  රටේ ඛණිජතෙල් සම්පාදන ක්‍රියාවලියට  ඉතා පහසුවෙන් උපයෝගි කරගත හැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. දැනට දශක 09ක කාලයක් තිස්සේ  නිෂ්කාර්යව සහ ඌණ උපයෝගිව පවතින  මෙකී තෙල් ටැංකි සංකිරණය  විධිමත් නෛතික රාමුවක් තුළ  ප්‍රතිසංස්කරණය කොට භාවිතයට ගැනීමෙන්  ඛණිජතෙල් සම්පාදන ක්‍රියාවලියට අදාලව  දැනට පැන නැගි ඇති අවදානම් තත්වය මගහැරවිමට  මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරගත හැකි වන  බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

විගණනය දක්වන ආකාරයට ශ්‍රි ලංකාවට සිංගප්පුරුවේ පවතින ආකාරයේ  ජාත්‍යන්තර් බල ශක්ති මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරිමේ හැකියාවක් තිබේ. ඒ සඳහා කළ යුත්තේ  ත්‍රිකුණාමලය  වරාය කේන්ද්‍රකරගෙන  මෙම  සියලු තෙල් ටැංකි සක්‍රිය ලෙස නවිකරණය කිරීම මගින්  වැඩි  ඉන්ධන ධාරිතාවයක් ගබඩා කිරීමටට කටයුතු  කිරිමයි. 

මේ තුළින්  ලෝක වෙළඳපොළේ මිල අඩුවු  අවස්ථාවල දී ඉන්ධන   මිලදී ගෙන තබා ගැනිමටත්  ප්‍රතිඅපනයනය කිරීමටත් අවස්ථාව උදාවේ. රටේ අනාගත  ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳ  විධිමත් අධ්‍යයනයක් සිදුකර එම අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට  ඉන්ධන ගබඩා ධාරිතාවය  ඉහළ නැන්විය යුතු බවට මෙකි විගණනය මගින්  නිර්දේශකොට ඇත. 

එමෙන්ම  හම්බන්තොට  වරාය ආශ්‍රිතව ඉදිකළ  තෙල් ටැංකි සංකිර්ණයක් පැවතිය ද  මේ  දක්වා එම ටැංකි ද  ඉන්ධන ගබඩා කිරීම සඳහා භාවිතයට යොදාගෙන නැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ…

Next Post

අරලගංවිල ගොවීහු මාදුරුඔයේ වැලි  ජාවාරම්මු පළවා හරිති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.