බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික එදා ඉන්දියාවට දුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නෑ – ජනපති…

by editor
ඔක්තෝබර් 14, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter
  • ත්‍රීකුණාමලය වරයා සහ තෙල් ටැංකි සංවර්ධනය කරන්නෙ ඉන්දියාවත් එක්ක… ජනපති ත්‍රිකුණාමලයේ දී කියයි

ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු  කිරීමේ දී තෙල් ටැංකි සංකීර්ණය සහ වරාය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ත්‍රීකුණාමලය වරාය ද සහිතව කෙරෙන  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළඟ පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත්  ජනාධිපතිවරයා කීවේය.

එළිමහන් සාකච්ඡා මණ්ඩපය….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ අද (14)  ත්‍රිකුණාමල ඔර්ස් හිල්  (Orr’s Hill) එළිමහන් භූමියේ  පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම්  රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවය.

මෙම සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ඔර්ස් හිල්  (Orr’s Hill) එළිමහන් භූමියේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක් ද නිරීක්ෂණය කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරය සංචාරක ආකර්ශනය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ජනපති යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කරමින්…

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මසේද පැවසුවේය. එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.

අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊළග ඡන්දයට නොවේ,  ඊළග පරම්පරාව වෙනුවෙන්. 2023 අපි 75 වන නිදහස් දින සංවත්සරය සමරනවා. තව අවුරුදු 25යි තිබෙන්නේ නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙන්න. ඊට කලින් මේ වැඩකටයුතු කළ යුතුයි.

ඒ නිසා 2018-2050 සැලසුම් අපි 2020-2048  ලෙස  අඩු කර ගමු. මේ නැගෙනහිර පළාතේ විශාල දියුණුවක් අපි ඒ කාලය තුළ ඇති කරන්න ඕන. මම කියන්නේ නැහැ ඊළග වසර 05 එය කළ හැකියි කියලා. අපි කියන්නේ එය ආරම්භ කළ යුතුයි කියලා. එතැනින් ඉදිරියට යා යුතුයි.

පොළොන්නරුව අගනුවරව පැවති කාලයේ ත්‍රිකුණාමල වරාය  විශාල වරායක් ලෙස පැවතුණා. එදා අපිට ත්‍රිකුණාමලය වටේ පෙන්නුවා බෙංගාල බොක්ක සිතියම. බෙංගාල බොක්ක කලාපය තවම දියුණු වෙලා නැහැ. තව අවුරුදු 10-15 යයි එම දියුණුව ලබන්න. තායිලන්තයේ තිබෙන දියුණුව දැන් බටහිරට එන්න තිබෙනවා. මියන්මාරයේ තවම එය ආරම්භ වෙලා නැහැ, බංගලාදේශයේ ආරම්භ වුණා විතරයි. ජාවා සුමාත්‍රාවල ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඊළග අවුරුදු 10-15 යනකොට තමයි ඒක වරායක් හැටියට වැදගත් වන්නේ. අපේ උත්සාහය ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත් කිරීමයි.

ත්‍රිකුණාමල වරාය ගැඹුරු වරායක් බවට පත් කළයුතුයි. නැගෙනහිර පළාත නාවික කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා.

ත්‍රිකුණාමල වරාය ප්‍රමුඛ ක්‍රමෝපායික වරායක් බවට පත් කිරීමට අවශ්‍යයි. ඒ කියන්නේ අපේම නාවික යාත්‍රා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අයුරින් එය සංවර්ධනය කිරීමයි. ඒ වෙනකොට දැනට තිබෙනවාට වඩා නාවික යාත්‍රා අපේ නාවික හමුදාවට තියෙයි කියලා මම හිතනවා. අපි මේ කටයුතු සැළසුම් කරන විට  ඉන්දියාව සමග එකට වැඩ කළයුතුයි. මන්ද ඉන්දියාව අපිට වඩාත් සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා වැදගත් වෙනවා.

දැනට ඉන්දියාව සමග වැඩසටහන් කිහිපයක්  ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු ඉදිරියට කරන්න. මෙයට බාධා එල්ල වෙනව නම් කෙළින්ම ආණ්ඩුව යටතට අරගෙන ඒ වැඩකටයුතු කරන්න සිදු වෙයි.

ත්‍රිකුණාමල වරාය ගිවිසුමට අපි 2003 අත්සන් කළා. 2003 සිට තෙල් ටැංකි ලබාදීම ගැන වෘත්තීය සමිතිවල විශාල විරුද්ධත්වයක් තිබුණා. අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඇයි තෙල් නැති වුණේ, රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

එවැනි බාධකවලට නැවත ඉඩ දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එය කළයුතුයි. මම මේ සැලැස්ම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුව එකඟ වුණාට පස්සේ එය නීතිගත කරනවා. මොකද ආණ්ඩු මාරු වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මාරු වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිපත්ති මාරු වෙන්න බැහැ. මේ නිසා බාධක නැතිව අපි ඉදිරියට යන්නයි කටයුතු කළ යුත්තේ.

අපි ඉන්දියාව සමග පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. එය ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේ, ඉන්දියාව සමග තිබෙන සබඳතා පදනම් කරගෙන ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගත යුතුයි. පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමත් සමග එයට හරිත හයිට්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අගය එකතු කිරීම් සිදු කළයුතුයි. ඉතින් අපට හරිත හයිට්‍රජන් අපනයනය කරන්න වරායක් අවශ්‍යයි. එහිදි මෙතන තිබෙන විභවය සැලකිල්ලට ගත යුතුයි.

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත සැලකිල්ලට ගත්විට එහි කේන්ද්‍රීය වරාය විය යුත්තේ ත්‍රිකුණාමල වරාය. සමහරවිට ඉදිරියේ දී සිංගප්පූරුවටත් අපිට මාර්ගයක් හදාගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වයට දියුණු කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා. මේ පළාතේ ආර්ථික විභවය ඉතා විශාලයි. එය ඉලක්ක කරගෙන තමයි අපි මෙය දියුණු කළයුත්තේ.

ආර්ථික වශයෙන් මෙම වරාය නගරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සීමා කරන්න බැහැ. මෙය අනුරාධපුර, වව්නියාව, දඹුල්ල නගර සමග සම්බන්ධ විය යුතුයි. වන්නි, නැගෙනහිර, උතුරු මැද තමයි රටේ ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන අපනයනය කරවා නම් මෙතනින් තමයි එය සිදු කළ යුත්තේ.

අද අපි පිටි අපනයනය කරනවා. අපි තිරිගු වවන්නේ නැහැ, ඒ වුණාට අපි අපනයනය කරනවා. එය කරන්නේ ප්‍රිමා ආයතනය. අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් තමයි තිරිගු පිටි. අපි එය පිටින් අරගෙන අපනයනය කරනවා. ඒ වගේ වෙනත් ද්‍රව්‍යයත් එලෙස අපනයනය කළ හැකියි. අපි ඒ පිළිබඳ සලකා බලමු.

මේ පළාතේ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව සමග  එකඟව තිබෙනවා. ඒ අනුව කර්මාන්ත කලාපයකුත් ඇති කළ යුතුයි. මම යෝජනා කර තිබෙන්නේ ඒ කටයුතු ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සිදු කිරීමට. එතකොට වරායටත් ඊට සම්බන්ධයක් තිබෙනවා. ඒ පිළිබඳ ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට සැලසුම් කරනවා.

ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පෙර අපි ආර්ථික පැත්ත ගැන සැලකිල්ලට ගත යුතුයි. ආර්ථික පැත්තෙන් බලන විට අපිට තිබෙනවා සංචාරක කර්මාන්තය. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණය තිබෙනවා. ඒ නිසා පැමි‍‍ණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා.

ත්‍රිකුණාමල ගුවන් තොටුපොළ තිබුණත් එහි විශාල අහස් යානා ගොඩ බැස්සවිය නොහැකි. ඒ නිසා හිඟුරක්ගොඩ හෝ වව්නියාව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරන්න සිදු වෙනවා. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.

නැගෙනහිර පළාත දියුණු කිරීමට අපි සම්පූර්ණ සැලැස්මක් ඇති කළ යුතුයි. එමෙන්ම උතුරු පළාත දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරයි, නැගෙනහිරයි මැද තිබෙන්නේ ත්‍රිකුණාමලය. ඒ වගේම උතුරු මැද ගත් විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශාල කොටසක් අයිති වෙන්නේ මේ පළාතට. මෙම ඒකාබද්ධ වැඩසටහන වසර 05 කින් සිදු කළ නොහැකියි. අවුරුදු 20 – 25 කින් කරන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිම කරන්න අවුරුදු 10ක් ගත වුණා. මෙම මූලික වැඩ කටයුතු ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ, කැබිනට් මණ්ඩලය දැණුවත් කර ඊට පසුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ…. මව දරුවෙක් අතුරුදහන්…

Next Post

නිවසේ සිරකරගෙන සිටින මනමාලයා ඉල්ලා මංගල ඇඳුමින් පොලිසියට පැමිණි මනමාලියක

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.