සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව දින 45යි… නඩු ගොනු නොකලොත් ඩොලර් බිලියන 6.4 ක X – press Pearl වන්දිය ඉවරයි…

by editor
අප්‍රේල් 5, 2023
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

ජගත් කණහැරආරච්චි –

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික අනතුර ලෙස සැලකෙන සිංගප්පූරුවේ X – press Feeders නම් සමාගමට අයත් X – press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිලී ගොස් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි නඩුව අද (5 දා) සිට තවත් දින 45 ක් තුළ ගොනු නොකළහොත් ඩොලර් බිලියන 6.4 ක් ඇතුළු සම්පූර්ණ වන්දි මුදල රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ නිද්‍රාශීලීබව නිසා මෙසේ රටට අහිමි වන වන්දි මුදල IMF සංවිධානය මගින් රටට ලබාදුන් ඩොලර් බිලියන 2.9 මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බව ද පවසන පරිසර යුක්ති කේන්ද්‍රය අදාළ වන්දි නඩුව සිංගප්පූරුවේ අධිකරණයක පැවරීමට කැබිනට් මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන්ම අමනෝඥ තීන්දුවක් බවත්, මේ නිසා අදාළ වන්දි නඩුව විසි වී යෑමේ වැඩි ඉඩක් පවතින බවත් පවසයි.

එසේ වුවහොත් එහි වගකීම කැබිනට් මණ්ඩලය, දේශපාලනඥයින් හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් සෘජුවම දැරිය යුතු බව ද පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධාන උපදේශක හේමන්ත විතානගේ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර දූෂණය හා එහි වන්දිය අනතුරේ මැයෙන් ඊයේ (4 දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී හේමන්ත විතානගේ තම ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනය අනුව නෞකාවෙන් සිදු වු සමස්ත හානිය ඩොලර් බිලියන 10 ඉක්මවන බව හා සිදු වූ පාරිසරික දූෂණය වසර 100 – 500 ක් පමණ දක්වා පැවතිය හැකි බව පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“නෞකාවේ තිබූ බහාලුම් 1486 කින් මෙටි්‍රක් ටොන් 80,000 ක දූෂක කාරක මුහුදට එකතුවෙලා තියෙනවා. එකතු කරල තියෙන්නේ මෙට්‍රික් ටොන් 1474 ක් පමණයි. මෙහි හානිය හරියට තවමත් ගණනය කරල නැහැ. පත්කරපු කමිටු 5 කින් ලබාදුන් තීරණ හෙළිදරව් කරන්නෙත් නෑ.

ඒ කෙසේ වෙතත් දෙවන වාරිකය ලෙස ඉල්ලා සිටින ඩොලර් බිලියන 6.4 ක මුදලවත් ලබා ගැනීමේ අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මීට දේශපාලකයන් හා කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි.

ලබන මැයි 14 ට පෙර වන්දි නඩුව ගොනු නොකළහොත් සියල්ල වතුරේ.

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික විනාශය මෙය බැවින් මෙය තවත් ‘චර්නොබිල්’ විනාශයක් හා තවත් ‘බෝපාල්’ ඛේදවාචකයක් ලෙස සැලකිය යුතු බවද පවසන ඔහු අදාළ නඩුව සිංගප්පූරුවේ පවරනවාට පරිසර යුක්ති කේන්ද්‍රය පමණක් නොව රජයේ සමුද්‍ර දූෂණ පාලන අධිකාරිය ද විරුද්ධ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව වන්දි නඩුකර වසර දෙකක් ඇතුළත පැවරිය යුතු වන අතර, එළැඹෙන මැයි 20 දාට වසර 2 ක් සම්පූර්ණ වෙයි.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන් අපයෝජනය කළ යාපනයේ ළමා නිවාස පාලක ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්…

Next Post

මොනවද මේ ක්‍රිකට්?…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.