දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සෞඛ්‍ය සේවාවම කඩා වැටෙනා බව දැන ගත් විට තමන් දැඩි සේ කම්පාවට පත් වූ බව රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සෑම තරාතිරමකම පුද්ගලයෙකුගේම නිර්භීත උත්සාහයන් තිබියදීත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සෑම සම්පතක්ම ලබා දිය දුන්නත්, එම ක්ෂේත්‍රය තුළ ඇති සියලුම සේවාවන් දින කිහිපයකින් බිඳ වැටීම නොවැලැක්විය හැකැයි එම සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෛද්‍ය හා ඖෂධ ආදී සැපයුම් සේම අනෙකුත් මානව සම්පත් කළමණාකරණය ද අත්‍යවශ්‍ය බව නැවත නැවතත් ඔවුන් අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය සේවා සේවකයින්ට බාධාවකින් තොරව සිය සේවාව ඉටු කිරීම සඳහා තම සේවා ස්ථානයට නිසි වේලාවට යාමට විධිමත් ප්‍රවාහන ක්‍රමයක් තිබිය යුතු යැයි පැවසේ.
සේවා හා භාණ්ඩ සැපයුම් අඩාල වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් කඩා වැටීමේ ආසන්නයටම පැමිණ ඇති අතර රජයේ වෙනස් වීම සමඟින් අර්බුදය අවසන් කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමෙන් යළි සෞඛ්‍ය සේවාව නඟා සිටුවිය හැකි යැයි වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරයි. ජනතාවට එක් ව සාමකාමී විරෝධතා පවත්වමින් අසාර්ථක පාලකයින් ඉවත් කරන්නට කටයුතු කරන්න යැයි ඔවුන් ඉල්ලා සිටියි.







