අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව ටිකාකාක් හිටපුදෙන්!

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

දන්නා හඳුනන දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් කඩිමුඩියේ ඇවිද යනු දුටින් පාර හරස් කර කතාවට අල්ලා ගතිමි.

“මෙච්චර විරෝධතා තියෙද්දි මේ මහ දවල් පිස්සු බල්ලෙක් වගේ හති දාගෙන එක්සයිස් කරනවද?” මම ඇසුවෙමි.

“පිස්සු ද ඕයි! මම මේ විරෝධතා නිරීක්ෂණ චාරිකාවක් කරනවා” මහාචාරියා කීය.

“දැන් ඔහේ ජන මාධ්‍යයෙද වැඩ? නිකං නිරීක්ෂණය නොකර විරෝධය දක්වනවකෝ එකතැනක ඉඳන්” මම කීවෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එහෙම බෑ… මේ අවස්ථාව නිරීක්‍ෂණය කරලා විශ්ලෙෂණය කරන එක කමයි මගේ රාජකාරිය” කියූ මහාචාරියා ඊළග විරෝධතා ස්ථානයට ඇදෙන්නට වූයෙන් මම ද ඔහු පසුපස වැටුනෙමි. ඔහු කුඩා සටහන් පොතක් ගෙන මොනවාදෝ ලියා ගත්තේය.

“මොකෝ අදහස? වැඩේ හොඳට යනව ද?” මම ශාස්ත්‍රීය අදහසක් දැනගැනීමේ අදහසින් විසුවෙමි.

“අරාබි වසන්තය අනුව යමින් මම මේක නම් කරනවා ‘ලංකා වසන්තය’ කියලා”

“ඕයි, මම ඇහුවෙ ළමයගෙ නම මොකක්ද කියලා නෙමෙයි. ළමයා ගැන අපිට අනාගත බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ද කියල?” මම මහාචාර්යවරයාගේ ඇඟට ගොඩ වුනෙමි.

“අයිසෙ, මම පස්වග මහණුන් වගේ අනාවැකි කාරයෙක් නෙමෙයි. ඒත් මගේ නිරීක්ෂණ හා උපකල්පන දෙන්න පුළුවන්. මේක අනාගතේට බොහොම සුබයි” මහාචාර්යා කීය.

“ඉතිං ඕයි ඒකත් සාත්තර කිව්ව වගේ අනාවැකියක්නේ! සුබ වෙන්නේ කොහොමෙයි කියනවකෝ” මම විස්තීර්ණ පිළිතුරක් ඉල්ලා සිටියෙමි.

“මිනිසුන් විසින් අරගලය නිර්මාණය කළාට අනතුරැව අරගලය විසින් මිනිසුන්ව ප්‍රතිනිර්මාණය කරනවා. තමුසෙට තේරැණාද?” මහාචාර්යා ඇසුවේය. මම නොතේරැණ වග පවසන්නට හිස සැලුවෙමි.

“දැන් මෙහෙම බලනවා. මිනිස්සු මේ හිපාටුවොන්ට විරැද්ධව අරගලය කරන්න පාරට බැස්සම ඒකෙන් නව දේශපාලන සවිඥානයක් බිහිවෙනව. ‘අපිට රජෙක් තමා ඕනේ. අපි වහල්ලු වෙන්න ආසයි. ජාතියයි ආගමයි අම්මා තාත්තාවගේ’ කියලනේ අවුරැදු කීපයකට ඉස්සර ලාංකිකයා කිව්වේ. ඒත් මේ අරගලය ඇතුලේ මානව අයිතිය, නිදහස, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාද පිළිබද දැනුවත් වෙලා ඒවා ඉල්ලා සිටින අලුත් මිනිසෙක් බිහිවෙනවා” විරෝධතාවයට සහබාගී වෙමින් සිටි තරැණයෙක් කට ඇරන් මහාචාර්යා දෙස බලා සිටියේ අදහාගත නොහැකි මූණක් පාමිණි.

“එතකොට ඔහේගෙ අදහස මේ විරෝධතා පිටිපස්සේ බලය ගන්න පොරකන උන් නෑ කියලද?” මම ඇසුවෙමි.

“අවාසනාවකට ඉන්නවා, වාසනාවට උන් මේ මොහොතේ සාමාන්‍ය මිනිහට මුවා වෙලා හැංගිලා ඉන්නේ. කොයි වෙලාවෙ මේ මැද්දට පැනලා ලොකුම කුට්ටිය තමන්ට අයිති නර ගන්නේ කොහොමද කියලා තමයි එයාලා හීන මවන්නේ. මෙයාලා එලවලා එයාලා නොගෙනෙන තරමට ජනතාව මේ අරගලය ඇතුලෙම සබුද්ධික වෙන්න ඕන” දැන් මහාචාර්යාගේ කතාවට සවන්දීමටම විරෝධතාතරැවෝ දුසිමක් පමණ වටවී සිටිති.

“එතකොට මේ අරගලයට නායකත්වයක් ඕනෙ නැද්ද?” මම ඇසුවෙමි.

“තිබුණනම් හොදයි. දේශපාලනික පක්ෂයක් නියෝජනය නොනරන සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පිරිසට තවම ඉඩ තියෙනවා” ඒ කවුදැයි අසන්නට මෙන් එකිනෙකා මුහුණු බලාගත්හ.

“එතකොට අරගලයෙන්ම මෙයාලව පන්නන්න පුළුවන් වෙයි ද?” මම අවසන් පැනය ඇසුවෙමි.

“තවමත් ඡන්ද පැවැත්වෙන රටක ඡන්දයකින් තොරව පාරට බැහැලා ආණ්ඩු පෙරළීම ප්‍රජාතන්ත්‍රික නෑ” මහාචාර්යා පැවසුවේ රැස්වසිටියන් අතර කසුකුසුවක් අරඹමිනි.

“ඡන්දයක් තියන්න තව අවුරැදු දෙක තුනක් යනකොට මිනිස්සුන්ට මේ හුටප්පර ඔක්නොම අමතක වෙලානෙ ඕයි” මම විරෝධය පාමින් කීවෙමි.

“එහෙනම් මුලින් ඉල්ලන්න ඕනෙ ඡන්දයක්. තමුසෙට මම මෙච්චර වෙලා කියපු බණ තේරැණාද නැද්ද?” මහාචාර්යවරයා විමසීය.

“ඔව් ඔව් තේරැණා. මුළු රටම පාරට බස්සනකන්, තවත් හොරැ පත් නොකරන්න තරම් වැඩිදෙනෙක්ගේ දේශපාලන සවිඥානය පහළ වෙනකන් අරගලය ඉස්සරහට ගියදෙන්. එතකන් තව ටිකාකාකාක් ඔහොම හිටපුදෙන්”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාල්ටන් නිවස අසල උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට පත් 15 ට ඇප…

Next Post

නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.