වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම සහ අත්‍යාවශ්‍ය නොවන ආනයන අධෛර්යමත් කිරීම යන කරුණු ඇතුළු මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කර තිබේ.
ඒ සිය නවතම මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරමිනි.
ඒ අනුව කඩිනමින් ගත යුතු පියවර කිහිපයක් පිළිබඳ අදාළ වාර්තාව ඔස්සේ මහ බැංකුව විසින් රජයට උපදෙස් දී ඇත.
මහ බැංකුව විසින් කරන ලද පෙර නිර්දේශය මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනයන් අධෛර්යමත් කිරීමට පියවරයන් හඳුන්වා දීම ඉන් එකකි.
විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිමත් කිරීම, පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමන වේගවත් කරන අතරම බලශක්ති සංරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම යන කරුණුද එහි දැක්වේ.
සුදුසු බදු වැඩිකිරීම් හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීම, හදිසි පදනමක් මත විදේශ මූල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒමට සැලැස්විමට ද මහ බැංකුවේ උපදේශයයි.
උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගි කරගත් වත්කම්වලින් මුදල් ඉපැයීම, සහ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම ද මහ බැංකුව සිය මූල්‍ය ස්ථාවරය මගින් ඉදිරිපත් කර තිබේ .
ඉහත ක්‍රියාමාර්ග මගින් රට මුහුණ දී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් ජය ගැනීමට සහ කොවිඩ් ආශ්රිත ප්රතිපත්තිවලින් ඉවත් වීම ද සහතික කෙරෙන බව එම වාර්තාවේ දැක්වේ.







