බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලතා අපභ්‍රංශ බොරු කියලා පක්ෂෙ අත් හැරලා ගියේ දිස්ත්‍රික් නායකකම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා… එයා කළේ කැත වැඩක්… සුජීව සේනසිංහ කියයි!

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තලතා අතුකෝරල කළ දීර්ඝ කතාව අපභ්‍රංශ බොරුවක් බවත් ඇය සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වන්නේ ඇයගේ දිස්ත්‍රික් නායකකම සම්බන්ධව ඇති වූ ප්‍රශ්නයක් නිසා බවත් සුජීව සේනසිංහ පවසයි.

ඊයේ (21) සමගි ජන බලවේග ප්‍රචාරක රැළියක් අමතමින් ත ඔහු කියන්නේ තලතා අතුකොරල ගත් තීන්දුව ඉතාම කැත එකක් බවත්, ගාමිණි අතුකෝරල කොතැනක සිට හෝ බලා ඉන්නවා නම් බලවත් කම්පාවට පත් වනු ඇති බවත්ය.

සුජීව සේනසිංහ මෙසේ ද පැවසුවේය.

මට හරි දුකයි මගේ පරණ මිත්‍රයා තළතා අතුකෝරල මැති තුමිය. එතුමියත් එක්ක මම දේශපාලනය පටන් ගත්තේ. ගාමිණී අතුකෝරල මහත්තයත් එක්ක මම වෙඩි කෑවේ 2001 දි. මම දුවලා නෙමෙයි වෙඩි කෑවේ. පාර මැද හිටගෙන ගාමිණී අතුකෝරල මහත්තයත් එක්ක.
පොලිසියට අභියෝග කරද්දි මගේ නඩුව පාඩම් කරන්නේ. සේනසිංහට එරෙහි රජය. පොලිසියේ අවම බලය යෙදීම සම්බන්ධයෙන්. SLR නඩුවක් ඒක. ඒ වෙලාවෙ මම දේශපාලනය කලේ තලතා අතුකොරල මැතිනියත් එක්ක. ඉතිහාසයක් තියනවා ලොකු.

මට දුකයි කියන්න. අතුකෝරල මහත්තයා ලැජ්ජා වෙයි බලාගෙන ඉන්නවා නම් එතුමිය ගත්තු තීන්දුව සම්බන්ධව. මේ පක්ෂය ඇතුළෙ අපටත් ප්‍රශ්න තියනවා. මේ නායකයො එනකොට මේ දක්ෂයො එනකොට අපෙත් පුටුව පොඩ්ඩක් එහාට යනවා. මේවා අපි විඳ දරා ගන්න ඕන. නාකයින්ට මේ සියලු දෙනා එකතු කරගන්න ඕන රට දියුණු කරන්න. තනියම කරන්න බෑ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එහෙමනම් තලතා අතුකෝරල මැතිණියට ප්‍රශ්නයක් තිබ්බා දිස්ත්‍රික්කයේ නායකත්වය සම්බන්ධයෙන්. මම දන්නවා. එහෙම ප්‍රශ්න මටත් තිබ්බා. මේ ප්‍රක්ෂය හදන්න අපි විශාල පිරිසක් විශාල කැප කිරීමක් කළා. ඉතින් අපටත් ඒ ප්‍රශ්න තිබ්බා. ඒත් මූණත් එක්ක තරහා වුනා කියලා නහය කපා ගන්න බෑ අපට.

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තරග කරන කාලෙත් අපට විශාල ප්‍රශ්න තිබ්බා. හැබැයි පක්ෂෙ අත්හැරලා ගියේ නෑ අපි. පාක්ෂිකයා අත් හැරලා ගියේ නෑ..

මම එතුමියට කියනවා ගත්ත තීන්දුව ඉතාමත්ම කැතයි. ඉතිහාසයක් තියනවා අපේ දේශපාලනයේ. එතුමිය දීර්ඝ කතාවක් කළා. ඒ සියල්ලම අප්‍රභංශ බොරු. ඒ තිබ්බ ප්‍රශ්නය දිස්ත්‍රික් නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මම ඒක දන්නවා. එහෙම කියලා ගියානම් නම්බුයි.
එයා ගියාට තව දහයකට විස්සකට අධික ප්‍රමාණයක් ඉන්නවා දක්ෂයො අපිත් එක්ක එකතු වෙන්න. 21 වැනිදා සියලු දෙනා එකතු කරන් මේ රට ගොඩගන්න ව්‍යායාමය පටන් ගන්නවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමාරු වූ ගැබිනි මව ගැන නොබලා දොස්තරයි හෙදියයි ෆෝන් එකෙන් මල් කඩාගෙන ඉඳලා… දරු ප්‍රසුතියේ දි කුළුඳුල් දරුවා මිය යෑම ගැන තාත්තා කෙනෙක් වව්නියා රෝහල ඉදිරිපිට විරෝධතාවයක!

Next Post

අද උදේ ගිං ගඟේ ජලමට්ටම ඉහළට… බද්දේගමට සුළු ගංවතුර තත්ත්වයක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.