පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න විශ්‍රාම ගිය පසු පුරප්පාඩුවන පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් අතරින් තමන්ට හිතවත් නිලධාරියා පත් කරගැනීම සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර තරගයක් ඇති වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තමතන්ට හිතවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කරගැනීම සඳහා තනි තනිව ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් අනතුරුව පොලිස්පති පුටුව සඳහා මෙම තරගය ඇතිවී ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතරය.
වත්මන් පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය.







