මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි තරුණ ආධුනික පොලිස් නිලධාරියෙක් මත්කුඩුත් සමග අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.
පොලිසියට බැඳී තවමත් අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර නැති මෙම තරුණ ආධුනික පොලිස් නිලධාරියා නිවිතිගල පොලිසියට අනුයුක්තව සේවය කරමින් මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරියේ යෙදී ඇත.
ඔහු පේමඩුව කරඹගොල්ලෑවේ පදිංචිකරුවෙකි.
මෙම වැටලීම සිදුකළ පෙරේදා (28) දිනයේ දී මත්කුඩු මිලි ග්‍රෑම් 405ක් සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට පත්වන මෙම පොලිස් නිලධාරියා මත් කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙක් බව විමර්ශනවල දී හෙළි වී තිබේ.
ඉකුත් 24 වැනිදා ඔහු නොදන්වා අනුරාධපුරයේ සිය නිවසට පැමිණ තිබේ. ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වන්නේ අනුරාධපුර මාර්කට් පෙදෙසේ දී ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිලදී ගෙන යමින් සිටිය දී ය.
මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා තුරු ඔහු පොලිස් නිලධාරියෙක් බව නොදැන සිටි බව පොලිසිය පවසයි.