සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) විධිවිධාන යටතේ තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහුගේ නීති උපදේශකයා හරහා ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ද වාර්තා වේ.







