බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තත්ත්වය භයානයකයි! ඔක්සිජන් කළමනාකරණයේදී ඔළුව පාවිච්චි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති

by Lanka Sara Editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් නිසි සැලසුම් සහගත ක්‍රමෝපායයකට අනුගතව තවමත් බලධාරීන් ක්‍රියාත්මක වි නොමැති බවත් විශේෂයෙන් ඇතිවිය හැකි දැඩිසත්කාර සහ ඔක්සිජන් අවශ්‍යතාව කළමනාකරණයේදී මීට වඩා බුද්ධිමත්ව සැලසුම් සහගතව එය සිදු කළ යුතු බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවාධාරණය කරයි.

මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ මෙරට නිපදවෙන ඔක්සිජන් නිෂ්පාදනය හදිසි ඉල්ලුමක් සපැරිීමට සෑමෙහන නමුත් එම අවශ්‍යතාව නිසි ලෙස කළමනාකරණය පිළිබඳව විධිමත් සැලසුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවය.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙම සංඛ්‍යාවන් තවදුරටත් ඉහළ යාමේ අනතුරක් අප හමුවේ ඇත.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින දැඩි සත්කාර සහ විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් එහි සීමාවට පැමිණ ඇත. විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මෙම වෛරසයේ ඉතා ඉක්මනින් ආසාදනය වීමේ ස්වභාවය සහ වෛරසයේ ප්‍රබලත්වය මත ඔක්සිජන් සැපයුමේ සහ දැඩි සත්කාර සහිත ඇඳන්වල අවශ්‍යතාව වැඩි විමේ තත්ත්වයක් පෙන්නුම් කරයි.

එසේ වුවද මේ මොහොතේ, සිදුවීම් වලට මුහුණ දීම සඳහා කිසිදු ප්‍රායෝගික උපාය මාර්ගයක් අපට නොපෙනේ. අවාසනාවකට මෙන්, එවැනි දේ වළක්වා ගැනීම සඳහා අපගේ අසල්වැසි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගැනීමට අප අසමත් වී ඇති බව පෙනේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පුද්ගලයන් දහසක් අතරින් වාර්තා වන රෝග ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී කොවිඩ් ආසාදිත සිද්ධීන් ගණන දැනටමත් භයානක සංඛ්‍යා කරා ළඟා වී ඇත. විශේෂයෙන් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට රෝගය සඳහා ස්ථීර ලෙස ස්ථාපිත ප්‍රතිකාරයක් නොමැති බැවින් රෝග ලක්ෂණ ඉවත් වන තෙක් ඔවුන් කළමනාකරණය කිරීම අතිශයින්ම වැදගත්ය.

එහිදී ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකකයේ සත්කාර ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි
එහිදී අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් සමහ ඔක්සිජන් සැපයුම සහිත ඇඳන් අපේ රෝහල් පද්ධතිය වෙත සැපයීම සහතික කිරීම වැදගත්ම අංගයකි.
අපට පෙනෙන ආකාරයට සාපෙක්ෂව මූල්‍ය වශයෙන් ශක්තිමත් වුවද කලාපීය දැවැන්තයා වන ඉන්දියාව මේ වන විට ඔක්සිජන් හිඟය හේතුවෙන් විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.

ඔක්සිජන් වඩාත් වැදගත් වෛද්‍ය අවශ්‍යතාවයක් ලෙස සලකන අතර ඒවා හිඟ වීමට ඉඩ ඇති බව පෙනී යයි. එබැවින් අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.
අපගේ දැනුමට අනුව සෞඛ්‍ය සේවා සඳහා ඔක්සිජන් සපයන සමාගම් දෙකක් තිබේ. ඔවුන්ට පවතින පහසුකම් සහ හැකියාව මත ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පහසුවෙන් තුන් ගුණයකින් වැඩි කළ හැකිය.මෙම සමාගම් දෙක දිනකට ඔක්සිජන් ටොන් 75 ක් පමණ නිපදවන අතර එයින් කොටසක් සපයනු ලැබේ.හදිසි අවශ්‍යතාවක් නිර්මාණය වුවහොත් ඔවුන් දැනට යොමු කරන කාර්මික භාවිතය සඳහා වන ඔක්සිජන් සැපයුමද සෞඛ්‍යයට හරවා යැවිය හැකිය
ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් සැපයුම් ප්‍රභවයක් ඇත.

කෙසේ වෙතත්, වඩා වැදගත් කාරණය වන්නේ මේවා අදාළ අවශ්‍යතාවන්ට අනුව බෙදා හැරීමයි. මෙම ඔක්සිජන් රෝගියාගේ ඇඳ අසලට යැවීමට ඇති හොඳම ක්‍රමය වන්නේ නළ මඟින් ඔක්සිජන් බෙදා හැරීමයි.
කුඩා සිලින්ඩර රැසක් භාවිතා කරනවාට වඩා මධ්‍යම ද්‍රව ඔක්සිජන් ටැංකියක ගබඩා කළ ඔක්සිජන් නළ මාර්ග ඔස්සේ යැවීම සාර්ථක ක්‍රමයයි.

අවාසනාවකට අපේ රෝහල් පද්ධතිය තුළ එවැනි මධ්‍යගත ද්‍රව ඔක්සිජන් ටැංකි ඇත්තේ 28 ක් පමණි. ඒවා ලීටර 3000 සිට 20000 දක්වා පරාසයක පවතින අතර ලීටර 20,000ක් ගබඩා කළ හැකි ඔක්සිජන් ටැංකි ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පමණි. අනෙක් ඒවා සාපේක්ෂව කුඩා ය.

මේ තත්ත්වය මත සමඟ පද්ධතියට තවමත් බොහෝ දුරට ජම්බෝ සිලින්ඩර මත යැපීමට සිදුවේ. එය පරිහරණය සහ කළමනාකරණයද පහසු නැත. ඔක්සිජන් ගෑස් ලීටර් 7050 ක් නිපදවන ජම්බෝ සිලින්ඩරයක දියර ලීටර් 47 ක් රැගෙන යා හැකිය.

එම සිලින්ඩර හැසිරවීම පුද්ගලයන් දෙදෙනකුට වඩා අවශ්‍ය වේ. අධික ඔක්සිජන් සැපයුමක් මත යැපෙන රෝගියෙකුටද මෙම සිලින්ඩරයේ සෑහෙන්නේ පැය කිහිපයක් පමණි . එම කටයුතු සිදු කළ යුතු වන්නේ කොවිඩ් දැඩිව පැතිරීමේ අවදානම් සහිත පරිසරයක වීමේදී තත්ත්වය තවත් සංකීර්ණය.

එවැනි අවස්ථා කළමනාකරණය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විශේෂිත දැනුමක් සහිත පුද්ගලයන්ගේ සේවය අතිශයින්ම වැදගත්ය. මෙවැනි ඔක්සිජන් හදිසි තත්ත්ව යටතේ දී තනි රෝගියාට ලබා දීමට නිසැකවම බුද්ධිමත් සැලසුම් සහ අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් සැපයුම් සම්බන්ධීකරණය, ගබඩා කිරීම සහ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා අදාළ විශේෂඥයන්ගේ සේවය ලබා ගත යුතු වන අතර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයෙන් බැහැර විය යුතු බවද ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එසේම රජය විසින් මේ දක්වා ගෙන ඇති සාධනීය පියවර අගය කරන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන් වෙත අවධාරණ කරන්නේ අදාළ පියවර සදහා නිසි තීන්දු තීරණ ගැනීම සඳහා රජයට නිවැරදි දත්ත සහ තොරතුරු නොපැකිළව ලබා දීම මේ තීරණාත්මක මොහොතේ ඉතා වැදගත් වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අණ නොතකා ධාවනය කළ වැලි ජාවාරමුන්ගේ ටිපර් රථයකට වෙඩි…

Next Post

“ලිට්‍රෝ ගෑස්“  ඇන්දිල්ලට ඇමති ලසන්ත එරෙහි වෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.