කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන අංකයට දැනුම් දෙන සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාරිභෝගිකයන්ට දන්වා සිටී
සමාගමකට නව නිශ්පාදනයක් හඳුන්වා දීමට ඉඩකඩ ඇති නමුත් පාරිභෝගිකයන් රැවටීමට ඉඩකඩ නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි‍්‍රඩ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු බවත් නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප‍්‍රමාණය සහ මිල සටහන් කිරීම අනිවාර්ය බවත් එම සිලින්ඩරය වෙළෙදපොලේ තිබෙන සෙසු ගෑස් සිලින්ඩර්වලින් වෙන්කර හඳුනාගැනීමට හැකිවිය යුතු බවත් ඇමතිවරයා පවසයි.
මේ පිළිබඳව ඔහු ගෑස් සමාගමට දන්වා ඇතැයි ද වෙළෙඳපලේ ගෑස් හිඟයක් ඇති නොවන සේ සැපයුම් කිරීමට ඔවුන් එකඟවූයේ යැයි ද ඇමතිවරයා කියයි.