සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ලේ කාල්ටන් බණට නඩු දැම්මේ ඇයිදැයි සෝභිත හිමියෝ කියති

by Lanka Sara Editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • බුදු දහමට කළේ නිගාවක්
  • චිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සිවුරෙන් ඉවත් කළ යුතුයි
  • ධර්මය අධර්මය කරන චිවරධාරීන්ට මහ නාහිමියනුත් බයයි

තංගල්ල කාල්ටන් නිවසේදී පසුගියදා පැවැත්වූ බව කියන ධර්ම දේශනාව සම්බන්ධව මේ වන විට සමාජයේ පුළුල් කථිකාවක් නිර්මාණය වී ඇත. බුදු රජාණන් වහන්සේට, බුදු සසුනට, මහා සංඝරත්නයට අපහස කරමින් චිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් මෙම ධර්ම දේශනාව පැවැත්වීම සම්බන්ධව උන් වහන්සේට එරෙහිව මේ වන විට අධීකරණ ක්‍රියා මාර්ග වෙත යොමු වී ඇත. ඒ පිළිබඳව මැදිහත්ව කටයුතු කරන ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සමඟ ලංකාසර කරන ලද කෙටි පිළිසඳරකි.

ප්‍රශ්නය : තංගල්ල කාල්ටන් නිවසේ පසුගියදා පැවතී ධර්ම දේශනාවෙන් බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ශාසනයට අපහස කර ඇති බව ඔබ වහන්සේ ප්‍රකාශ කර තිබුණා. එහෙම සිදු කරනවා නම් එවැනි අයට එරෙහිව ගත යුතු පියවර කුමක්ද ?
පිළිතුර : බුද්ධ ධර්මට අනුව නම් ඒ චීවරධාරියා සිවුරෙන් ඉවත් කළ යුතුයි.

ප්‍රශ්නය : අපේ හාමුදුරුවනේ, ඒ සඳහා මේ වන විට පියවරක් ගෙන තිබෙනවාද ?
පිළිතුර : එහෙම කිසිදු පියවරක් අරගෙන නැහැ.

ප්‍රශ්නය : මේ ගැන පියවර ගත යුත්තේ කවුද ?
පිළිතුර : බුද්ධ ශාසනය ආරක්ෂ කර පෝෂණය කරනවා යැයි සපථ වී සිටින ආණ්ඩුව ඒ ගැන තීරණයක් ගත යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය : මෙවැනි භික්ෂුවකට එරෙහිව මහා සංඝරත්නය විසින් අනුගමනය කළ හැකි වෙනත් පිළිවෙතක් නැද්ද ?
පිළිතුර : මහා සංඝරත්නය විසින් ගතයුතු පියවර තිබෙනවා. නමුත් ඒවා නීතියානුකූල නැහැ. මෙවැනි පුද්ගලයන්ට නීතියට අනුව දඩුවම් ලබා දිය යුතුයි. බුදු දහමට අනුව මෙවැනි අයෙක් බුද්ධ ධර්මයට හෝ මහා සංඝරත්නයට එරෙහිව කටයුතු කර තිබෙනවා නම් එවැනි අයට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතුයි. නමුත් ඒ ක්‍රියා මාර්ගය පමණක් ප්‍රමාණවත් නොවන බව මගේ හැඟිමයි.

ප්‍රශ්නය : ඔබ වහන්සේ ඔබ ප්‍රකාශ කරන ආකාරයට මෙතන ධර්ම විනය හා ආණ්ඩුවේ නීතිය අතර පටලැවිල්ලක් තිබෙන බව පේනවා නේද ?
පිළිතුර : ඔව්. පැහැදිලිවම මෙතැන ධර්ම විනය සහ රටේ නීතිය අතර පටලැවිල්ලක් තියෙනවා. බුදු සසුන රකිනවා කිව්වට එය කරන්න කිසිම පාලකයෙක් ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වගේම බුදු සසුන මෙවැනි උවදුරුවලින් ආරක්ෂා කර ගැනීමට මහා නායක හිමවරුවත් ඉදිරිපත් වන්නේ නැහැ. එය අවාසනාවන්ත තත්වයක් බව කිව යුතුයි.

ප්‍රශ්නය : මෙවැනි භික්ෂුන් වහන්සේලාගෙන් බුදු සසුනට සිදුවන හානීය පිළිබඳව ඔබ වහන්සේලා මහා නායක ස්වාමින් වහන්සේලාට පෙන්වා දුන්නේ නැද්ද ?
පිළිතුර : මේ මහා විනාශය ගැන මහා නායක හාමුරුවන්ලට පෙන්වා දුන්නත් ඉන් ඵලක් වී නැහැ. මේ සිදු වන හානිය ගැන උන් වහන්සේලා කථා කරන්නේ වත් නැහැ.

ප්‍රශ්නය : ඔබ වහන්සේ සිතන විදියට මහා නායක ස්වාමින් වහන්සේලා මේ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හේතුවක් නිසාද ?
පිළිතුර : උන් වහන්සේලා නිහඬව සිටින්නේ මේ අපහාසය රජ ගෙදරදී සිදු කළ නිසයි. මේ පාලකයින්ට තිබෙන බිය නිසා මහා නායක ස්වාමින් වහන්සේලා නිහඬව බලා සිටිනවා. මේ බණ සංවිධානය කර තිබුනේ සාමාන්‍ය නිවසක නොවේ. අගමැතිතුමා මෙහි නොසිටියත් නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන ඇමතිවරු ඒ අවස්ථාවේ එහි සිට බණට සවන් දී තිබෙනවා. ඔවුන් තමා බණ කියපු චීවරධාරියා එතනට ගෙනවිත් තිබෙන්නේ.
බුදු දහම රැකගත යුතු බවටත් බුද්ධ ධර්මයට අත තබන්න දෙන්නේ නැති බවටත් මේ ආණ්ඩුවේ සිටින ඇතැම් ඇමතිවරු පසුගිය කාලයේ කෑ මොර ගසමින් ජනතාව මුලා කළ අයුරු අප දුටුවා. ඒ වගේම ඔවුන් පස්සෙන් යන ඇතැම් භික්ෂුන් වහන්සේලාද ඒ වෙනුවෙන් කථා කළා. මහානායක හාමුදුරුවන්ලාත් ශාසනය සිදු වන හානි ගැන එදා කථා කළා. අවාසනාවකට අද මේ සියළුදෙනා කටවල් වහගෙන බලා සිටිනවා. මෙය ඉතා ඛේදනීය තත්වයක් බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.
මේ ආකාරයට සිවුරු පොරවගෙන බුදු දහමට අපහාස කරවන වංචනිකයන්ට මහා දේශපාලන බලයක් තිබෙනවා. තවත් පැත්තකින් ඔවුන්ට මවාගත් ජන බලයකුත් තිබෙනවා. මේ තත්ත්වය මත දේශපාලන හයියෙන් පිම්බී සිටින එවැනි භික්ෂුන්ට මහානායක හිමිවරුත් බයයි. බෞද්ධ සංවිධානත් බයයි. අනෙක් සංඝයා වහන්සේලාත් බයයි. ඒ හැමෝම මේ අය සිදු කරන විනාශය හමුවේ කටවල් වහගෙන බලා සිටිනවා.
ප්‍රශ්නය : ඔබ වහන්සේ ඔය ප්‍රකාශ කරන තැනට බුදු දහමේ ආරක්ෂාව අද ඇද වැටී තිබෙනවා නම් බුදුන් වැඩි මේ ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයේ අනාගත ආරක්ෂාව කෙබඳු තත්වයකට ඉපත් විය හැකිද ?
පිළිතුර : මේ තත්ත්වය මෙහෙම පැවතුණොත් තව පරම්පරා දෙක තුනක් යන විට මෙරට බුදු දහම සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම වැළැක්විය නොහැකියි.
ප්‍රශ්නය : බුදු දහමට හානි කරමින් තංගල්ල කාල්ටන් නිවසේ පැවැත්වූ කියන ධර්ම දේශනාවට සවන් දුන් නාමල් සහ චානක යන ඇමතිවරු සමඟ මේ ගැන ඔබ වහන්සේ සාකච්ඡා කළේ නැද්ද ?
පිළිතුර : ඒ අය සමඟ කථා කරලා කිසිම වැඩක් නැහැ. ඒ නිසා තමයි මම නඩු දැම්මේ.
ප්‍රශ්නය : ඒ නඩුවෙන් ඔබ වහන්සේ ඉල්ලා සිටින්නේ කුමක්ද ?
පිළිතුර : චිත්තගල්ලේ ආනන්දසිරි නැමති චීවරධාරියා කාල්ටන් නිවසේ පැවැත් වූ ධර්ම දේශනාවෙන් ධර්මය අධර්මය ලෙසත් අධර්මය ධර්මය ලෙසත් පෙන්වා දී තිබෙනවා. එහිදී ඔහු බුදු හාමුරුවන්ට අපහස කර තිබෙනවා. බුද්ධ චරිතය විනාශ කර තිබෙනවා. මහා සංඝරත්නය ඝාතනය කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. භාවිත නොකළ යුතු වචන භාවිත කර තිබෙනවා. මෙමඟින් ඔහු පාරාජිකා වන බවත් මනුෂ්‍ය ඝාතනය හෝ එයට අනුබල දීම භික්ෂුවක් විසින් නොකළ යුත්තක් වන බවත් කිව යුතුයි.
මේ නිසා ඒ පුද්ගලයා සිවුරෙන් ඉවත් කළ යුතු බවත් මොහුගේ සියල්ල තහනම් කර ඔහුගේ ස්ථාවරය නැති කරමින් බුද්ධ ශාසනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා තංගල්ල අධීකරණයේ නඩු පවරා තිබෙනවා.
ප්‍රශ්නය : ඔබ වහන්සේ ඔබ ඉල්ලන කාරණා ඉටු කළ හැකි නීති ප්‍රතිපාදන තිබෙනවාද ?
පිළිතුර : ඔව්. මේ අනුව එය කළ හැකි බව නීතිය අප විසින් විග්‍රහ කර පෙන්වා තිබෙනවා. නීති ප්‍රතිපාදන තිබෙනවා. නමුත් අද තිබෙන ප්‍රශ්නය එය ක්‍රියාත්මක නොකිරීමයි.

ප්‍රශ්නය : මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කවුද ?
පිළිතුර : විනාශකාරී දේශනාව කළ ආනන්ද සිරි නමැති චීවරධාරියා, මහා නායක හිමිවරු, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන ඇමතිවරු ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායම, නීතිපතිවරයා, බුද්ධ ශාසන කොමසාරිස්වරයා යන අය වග උත්තරකරුවන් කර තිබෙනවා.
මේ චීවරධාරියාගේ හැසිරීම සහ එම ධර්ම දේශනය ගැන වීඩියෝ පට පවා අප ඉදිරිපත් කර තිබෙනවා. මෙමඟින් රටේ නීතිය කුමන ආකාරයකට ක්‍රියාත්මක වනවාද යන්න අප හැමෝටම ඉදිරියේ බලාගත හැකි වේ යැයි මා විශ්වාස කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුදු හාමුදුරුවන්ගේ මරණයේ අභිරහස විඳන්න… හික්කඩුවේ මිනිස්සු උද්ඝෝෂණයක …

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්නක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.