බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් නැතිකම නිසා තිබෙන ඩොලරුත් මුහුදට වැටේ!

by Lanka Sara Editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වන විට ශ්‍රී ලංකාවට තෙල් රැගෙන පැමිණි නැව් දෙකක් ඒ සඳහා ගෙවීමට ඩොලර් නැතිකමින් ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති බවත් ඉන් එක් නැවකට මේ වන විට අමරිකානු ඩොලර් 72000ක් දින හතරක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

එක් දිනකට එක් නැවක් සඳහා අමරිකානු ඩොලර් 18000ක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර මෙම නැව පසුගිය 18 වැනි දා සිට අද දක්වා මුහුදේ නවතා ඇති බැවින් එලෙස ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් තෙල් නැවක් එය වරායේ දී ගොඩබෑම කටයුතු සඳහා දින තුනක ප්‍රමාද ගාස්තු රහිත සහන කාලයක් ලැබුණද වරායට ඇතුළු කර නොගෙන මුහුදේ රඳවා ඇති අවස්ථාවලදී මෙලෙස ඩොලර් 18000ක මුදලක් ගෙවීමට සිදුවේ.

ඉහත කී නැව් දෙකෙන් එකක් ඊයේ දිනයේ පැමිණි අතර එම නැවද දින තුනක් ඉක්මවා මෙරට රැදුණහොත් ඉහත ආකාරයට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව සඳහන් වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම නැව් වල ඇති තෙල් මෙරටට ලබා ගැනීම සඳහා ඩොලර් ඉල්ලා ඇති අතර එම ඩොලර් පිළිබඳ තවම ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙත නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව සඳහන් වේ.

මේ අතර පසුගියදා මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරටට තෙල් ගෙන්වීමට අදාල සංවිධාන කටයුතු කරන්නේ නම් ඔවුන් ඒ සඳහා ඩොලර් සපයා ගැනීම පිළිබඳව ද කල් ඇතුව සැලසුම් කර කරගෙන සංවිධාන කර ගත යුතු බවයි.

කෙසේ වුවද මෙම කටයුතු සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙමින් අදාළ අදාල ඩොලර් ගෙවිය හැකි බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබුණද මෙතෙක් එම ඩොලර් ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ඉන්ධන නිෂ්පාදන ලබා ගැනීමේ ණය සහන වැඩසටහනට අදාල ගිවිසුම් සැකසෙමින් පවතින අතර ඒවා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත ය.

කෙසේ වුවද පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට තවත් මාසයක පමණ කාලයක් ගත වන අතර එම ගිවිසුම ක්‍රියාත්මක වුවද කාලය තෙක් ඉන්ධන සපයා ගැනීමෙන් විවිධ දුෂ්කරතා පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද ඉන්දියානු ණය සහනය ක්‍රියාත්මක වන විට ණය අදාල ණය ප්‍රමාණය වන ඩොලර් මිලියන 500 ක මුදල පියවුවහොත් යළිත් එම ණය වැඩසටහන සක්‍රීය කරගත හැකි අතර ඒ ඔස්සේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා ස්ථාවර සැලසුමක් සකස් වනු ඇති බව සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටින් පිට සිටින අය ගෙන්වන්න චීනයෙන් අනීතික ක්‍රියා

Next Post

ITN එකට ටෙලි නාට්‍ය 13කින් කෝටි 06ක පාඩුවක්… විගණනය හෙළි කරයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.