ඩොලරයේ උච්චාවඡනය අනුව ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ මිලකට ඖෂධ මිල ඉහළ නැංවීමට රජය අවසර ලබා දී තිබේ.
ඒ අනුව බාධාවකින් තොරව ඖෂධ බෙදාහරින ලෙස ඔවුන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
විදේශ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් ඖෂධ රාජ්‍ය අමාත්‍යාංශය ආනයනකරුවන්ට සාධාරණ මිල ඉහළ නැංවීමට ඉඩ ලබා දී ඇති බැවින් දිවයින පුරා ඖෂධ හිඟයක් අපේක්ෂා නොකෙරෙන බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ.







