ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ඔවුන්ගේ වැටුප් ප්‍රේෂණ සඳහා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම භාණ්ඩාගාරය විසින් රුපියල් 240 ක් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට ඇති එකම විසඳුම මෙය බවත් එම යෝජනාව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තුවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඉහළ විනිමය අනුපාතිකයක් ලබා නොදුනහොත් විදේශගත ශ්‍රමිකයින් ප්‍රේෂණ සඳහා නිල නොවන මාර්ග වෙත යොමුවන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටලුව විසඳීමට රජය අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අසාර්ථක වනු ඇතැයි අමාත්‍ය වරයා කීවේය.
ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එතෙර යැවුවද ඩොලර් මෙරටට නොඑවීම නිසා විදේශ විනිමය අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
කම්කරු අමාත්‍යවරයා පැවසුවේ, නිල නොවන ක්‍රම මගින් ඩොලරයක් සඳහා රු. 240ක් ලබා දෙන විට රජය විසින් ප්‍රේෂණ සඳහා ලබා දෙන්නේ රුපියල් 202ක් බව ඇමතිවරයා කීවේය.