හොංකොංහි ක්‍රියාත්මක වූ සිටිසන් නිවුස් පුවත් අඩවිය වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මාධ්‍ය හමුවක් කැදවමින් එහි ප්‍රධාන කර්තෘ ඩේසි ලී සදහන් කළේ කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු සේවකයන්ගේ ආරක්ෂාව සැලසීම සදහා මෙම පියවර ගත් බවයි.
හොංකොංහි මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය ආයතන වෙත මේ වනවිට දැඩි මර්දනයකට මුහුණ දීමට සිදුව තිබේ.
පසුගිය සතියේ එහි ක්‍රියාත්මක ස්ටෑන්ඩ් නිවුස් ආයතනයට කඩාවැදුණු සියයකට අධික පොලිස් පිරිසක් එහි සිටි කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මීට පෙර ද ඇපල්ඩේලි ඇතුළු හොංකොංහි ක්‍රියාත්මක ජනමාධ්‍ය ආයතන ගණනාවක් පොලිසිය විසින් වටලනු ලැබූ අතර එහිදී ද ජනමාධ්‍යවේදීන් රැසක් අත්අඩංගුවට ගනු ලැබිණ.
චීනයේ බලපෑම මත හොංකොං බලධාරීන් විසින් හදුන්වාදෙනු ලැබූ ජාතික ආරක්ෂක නීතිය යටතේ මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවන බව හොංකොං මාධ්‍ය සංවිධාන චෝදනා කරයි.