බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ෆ්ට් පංච පුද්ගල මිනීමැරුම ගැන පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට… මරා දැමූ 5 දෙනාම වයස 75ට වැඩි අය…

කපා කොටා බරපතල තුවාල කළ අම්මාගේ වයස අවුරුදු 100ක්...

by editor
අප්‍රේල් 23, 2023
in පුවත්
මළ සිරුරු...

මළ සිරුරු...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ  පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසුව එම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ ( 22 ) අත් අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඝාතනය  සිදු වූ නිවසේම කලක් නතර වී සිටි පුද්ගලයෙකුවන අතර ඔහුව  ජර්මනියෙන් පිටුවහල් කිරීමෙන් පසුව  යළි යාපනයට පැමිණ තිබේ.

මේ තත්ත්වය මත ඔහු මානසික රෝගියෙකු බවට පත්ව සිටි අතර නිතරම ඔහු මෙම නිවසට ආගිය අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

නිවසේ සිටි හය දෙනාගෙන් පස් දෙනෙකුම ඝාතනයට  ලක් වී සිටි අතර එක් කාන්තවක් පමණක් බරපතල ලෙස තුවාල ලබා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

බරපතල ලෙස තුවාල ලබා සිටින කාන්තාව වයස අවුරුදු 100 ක් පමණ වන කනකම් පූර්ණී නැමති වයෝවෘද්ධ කාන්තාවකි.

අසාධ්‍ය තත්ත්වයේ සිටින වයස අවුරුදු 100ක් පමණවන මිත්තනිය…

ඇයව ඩෙල්ෆ්ට් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

මරණයට පත්ව සිටින සියලුම දෙනා වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන්ව ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ ( 76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75)  වශයෙන් හදුනාගෙන තිබේ.

නිවසේ සාමාජිකයින් ඝාතනය කළද නිවසේ තිබූ ස්වර්ණාභරණ මුදල් හෝ වෙනත් කිසිදු දෙයක් සොරා ගෙන ගොස් නොමැත.

නිවසේ උදවිය සියලු දෙනාම නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර දහවල් වන තුරුත් නිවසේ කිසිදු අයෙකු එළියට නොපැමිණීම නිස ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු කළ දැණුම් දීමකට අනුව පොලීසිය එම නිවසට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයින් පස් දෙනාගේ මළ සිරුරුද බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාවක්ද හමු වී ඇත.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී විදේශ රටක සිට පැමිණි තුන් දෙනෙකු මෙම නිවසේ සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටින කාන්තාවද එසේ පැමිණි තිදෙනාගෙන් එක් අයෙකි.

මෙම  ඝාතන වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

යාපනය ඩෙල්ෆ්ට් මහේස්ත්‍රාත් ගජනිති බාලන් ස්ථානිය පරික්ෂාව සඳහා පැමිණෙමින්…

යාපනය ඩෙල්ෆ්ට් මහේස්ත්‍රාත් ගජනිති බාලන්   සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය මරණ පරීක්ෂණය සිදු කරණ ලද අතර එහිදි පොලීසිය කියා සිටියේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මුහුදු මගින් පලා යා හැකි නිසා යාපනය හා ඩෙල්ෆ්ට් අතර  බෝට්ටු සේවාවන් තාවකාලිකව නවතා දැමීම වැදගත් බවයි.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කිරීමත් සමගම යාපනය හා ඩෙල්ෆ්ට් අතර බෝට්ටු සේවාවවන් නවතා දමා තිබේ.

නාවික හමුදාවේ යාත්‍රා පමණක් ක්‍රියාත්මක වෙයි.

ඩෙල්ෆ්ට් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයට, ඉන්දියානු නිෂ්පාදන අපනයනය වැඩි කිරීමේ සූදානමක්!

Next Post

යාල වන උයන සැරසූ විශාලතම දළ ඇතා “දළ කොටා“  මිය යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.