සූරියවැව නුවන් ජයසේකර –
මාස දෙකකට ආසන්න කායලක් තිස්සේ වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි යාල ජාතික වනෝද්‍යනයේ සිටි විශාලතම දළ ඇතා වන දළ කොටා 21 දින ලුණුගම්වෙහෙර ජලාශයේ වැටී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.
මිය යන විට වයස අවුරුදු 40ක් පමණ වු මෙම දළ ඇතා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 06 හි වැඩි වශයෙන් ජිවත්ව සිට තිබේ.
මියගිය මෙම දළ ඇතා යාල ජාතික වනොද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා වන අතර වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක්ව තිබු සත්වයෙකු ලෙසද ඉතා ප්‍රකටය.
දැනට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම දළ ඇතා අසනිපව සිටි අතර වනජීවි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති ඇතුළු වනජීවි නිළධාරීන් එක්ව මෙම සත්වයා බේරා ගැනිමට අවශ්‍ය ප්‍තිථිකාර සිදුකර ඇතත් මෙම සත්වයා බේරා ගැනිමට නොහැකිව තිබේ.
පසුයි 21 වන දින දළ ඇතා ලුණුගම්වෙහෙර ජලාශයේ වැටි සිටියදි සොයාගෙන තිබූ අතර එදිනම ඒ සම්බන්ධයෙන් වනජිවි නිළධාරීන් විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව තිස්සමහාරාම මහේත්‍රාත් අධිකරණයේ වැඩ ලබන මහේස්ත්‍රාත් රංජිත් ආන්නද සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියෝග ගබා දි තිබේ. ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිළධාරීගේ සහාය ඇතිව පශු වෛද්‍ය ආනන්ද ධර්මකීරිති විසින් පශ්චාත් මරණ පරික්ෂණය 22 දින සිදු කරන ලදි.
ඌව පළාත් සහකාර වනජීවි අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්,ජාත ජාතික උද්‍යාන බාර කරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් ගේ උපදෙස් පරිදි යාල ජාතික උද්‍යානයේ වනජීවි නිළධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.