බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීසල් හිඟයෙන්  රටේ විදුලියට වෙන දේ ….

by editor
ජූලි 2, 2022
in පුවත්
power
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු  –

මේ ඉන්ධන අර්බුදය බොහෝ විට පැය 06කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සඳහා නුදුරේදීම රට පත්කරන බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත  පවසයි.

මේ වනවිට රටේ විදුලි ජනනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සිදුවන්නේ පොසිල ඉන්ධන දහනයෙන් බව පවසන සභාපතිවරයා දැනට රට තුළ ඇති දැවිතෙල් ප්‍රමාණය තව මාසයකට තරමක් වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් නමුත් තාප විදුලි බලාගාර සම්පූර්ණයෙන් දැවි තෙල් මගින් ක්‍රියාත්මක කළ නොහැකි බව කියයි.

ඔහු පෙන්වා දෙන්නේ දැවි තෙල් සහිත කාලයේ වුව ද   බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් නොලැබීමෙන්    පැය 4 -5ක  විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව ය.

මේ තත්ත්වය තුළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය  ගල් අඟුරු සැප්තැම්බර් වනවිට ලබා ගත නොහැකි වුවහොත්  මුලු විදුලි පද්ධතියම මෙතෙක් නොවූ විරූ අර්බුදයකට පත්වන බව සභාපතිවරයා කියයි.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත  මේ තත්ත්වය පිලිබඳව ලංකාසරට කළ  පැහැදිලි කිරීම මෙසේය.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත

“ජූනි 30 දිනට අදාල රටේ  විදුලි ඉල්ලුම ගිගාවෝට් පැය 42යි. එතන තියනවා තාප විදුලියෙන්   අරන් තියනවා ගිගාවෝට් පැය 7.52ක්.  අයිපීපී ඔයිල්වලින් අරන් තියනවා ගිගාවෝට් පැය 5.91ක්. මේ ප්‍රමාණය ගිගාවෝට් පැය 13 .43ක්. ඒ කියන්නෙ මුලු විදුලි ඉල්ලුමේන් දල වශයෙන් තුනේන එකක්.

“ඉන්ධන නැතිවීම කියන සාධකය කියන්නෙ රටේ විදුලි සැපයුමෙන් තුනෙන් එකකට කරන බලපෑමක්. ගල් අඟුරුවලින් මෙගාවොට් 900ක් ගත්තට දැන් තුන්සියක් නවත්වලා තියෙන්නෙ ජනන බලාගාරයක අලුත්වැඩියාවක් නිසා.  ප්‍රධාන සාධකයක් වෙලා තිබෙන්නෙ පොසිල ඉන්ධන.  .“

“කෙසේ වෙතත් මේ වනවිට රට තුළට  දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස් තුන් දාහක් ඇවිත් තියනවා. ඉන් යම් පාලනයක් කරගත හැකියි.  එහෙත් අපට ජනන පද්ධතියක් සම්භාවිතා මත සැලසුම් කරන්න බෑ. නිශ්චිත දවසකට මෙපමණ ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවා කියන සහතිකය නෑ. ගැටලුව ඇත්තේ එතනයි“

එළඹෙන නියඟ කාලයත් එක්ක  ජල විදුලියත් යම් පාලනයක් කරන්න වෙනවා. ප්‍රධාන ජලවිදුලි නිශ්පාදන සංකීර්ණ දෙකයි අපට තියෙන්නෙ. එකක් ලක්ෂපාන සංකීර්ණය. අනෙක මහවැලි සංකීර්ණය. පානීය ජලය, ගොවිතැන තමයි ජල කළමනාකරණයේ ප්‍රමුඛතා දෙක. විදුලි ජනනය තුන්වන ස්ථානයේ තිබෙන්නේ. මේ කළමනාකරණ නියමයන්ට පරිබාහිරව යෑම අප පසුගිය මාර්තුවේ සිටම අත් වින්දා. අප්‍රේල්වල සිදුවිය යුතු  විදුලි කප්පාදුව මාර්තුවට ආවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඊලඟ දේ තමයි ගල් අඟුරු අත්‍යාවශ්‍ය වෙනවා. ගල්අඟුරු සැප්තැම්බර් වනවිට  ගෙන්වා ගත හැකි වුනේ නැතිනම් අපි ඊට වඩා අමාරුවකට යනවා. බලාගාරයේ පිහිටීම අනුව  අපට ගලු අඟුරු ගෙන්වා ගන්න පුලුවන් අවුරුද්දෙ  මාස 06යි    ඒ මාස හයෙන් පස්සේ ගල් අඟුරු ගෙනාවත් බාගන්න බෑ. මුහුද රළුයි.

නිසි කලට තින්දු තීරණ නොගැනීම ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලන අකාර්යක්ෂමතාවය ට අද ජාතියක් වන්දි ගෙවනවා. .

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොලැබීමේ අවදානම, ඉදිරි මාස තුන තුළ ගල් අඟුරු ගෙන්වා ගැනීමට ඇති සීමාකාරී සාධක මෙන්ම ජල විදුලි ජනනය අවම කරන ඉදිරි නියං කාලය පද්ධතියේ බිහිසුණුම බිඳ වැටීම ඉඟි කර  ඇති බවය.  නිශ්චිත සැලසුම් අත්‍යාවශ්‍ය වන්නේ මේ අවදානම නිසා බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මොරටුවේ දී ගුවන් හමුදා නිල ඇඳුම් සහිත පිරිසක් සිවිල් වැසියෙකුට අමානුෂිකව පහර දෙයි…

Next Post

දොස්තරලාට විතරක් ඉන්ධන සැලකිලි… වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවා සඳදා වැඩ වර්ජනයකට සැරසෙයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.