ලලිත් චාමින්ද –
ඩීසල් පෝළිමක සිටිය දී තවත් මැදිවියේ තාත්තා කෙනෙක් මැරී වැටී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම පොලිස් වසමේ තවලම රන්මීර් ඉන්දනහලෙන් ඩීසල් ලබාගැනීමට පැමිණ පෝලිමේ රැඳී සිටී පබගොඩ පතිරණගේ ප්‍රසන්න තිලක් නැමැති 42 හැවිරිදි තාත්තා කෙනෙකි.
ඔහු අද දින අළුයම 3.30ට පමණ නිවසින් පැමිණ ඇත්තේ ඔහුගේ අංක sp PY 0261 දරන ඩිමෝ ලොක්ක වර්ගයේ ලොරියට ඉන්ධන ලබා ගැනීම සඳහා ඩීසල් පෝලිමටය.
උදේ ලොරි රථය පරීක්ෂා කරන විට ඔහු රථය තුළම මැරී වැටී සිටිනු දැක ගත හැකි විය.
අද සවස ගාල්ල කරාපිටිය රෝහලේ දී කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඇතිවූ හෘදයාබාධ තත්වයක් නිසා ඔහු මියගොස් ඇති බවය.







