අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගන්නා ලදී.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව අද හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ මේ විමර්ශනය වැරදි දිශාවකට ගමන් කරන බවයි.
හඳුනාගත් සැකකරුවන් දෙදෙනා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ නොවන බවත්, සැබෑ සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.
සැකකරුවන් දෙදෙනා මැයි 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අප්‍රේල් 22 වන දින රාත්‍රියේ සාලමුල්ල නිවාස සංකීර්ණයක සිදු වූ වෙඩි තැබීමකදී ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදී තුවාල ලැබීය.
පසුව ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.







