බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනා ගමගේ නීති විරෝධීව ලංකාව තුළ රැඳී ඉන්න බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව අධිකරණයේ දී හෙළි වෙයි!

රටට, රටේ පාර්ලිමේන්තුවට, අධිකරණයට බොරු කළ ඩයනා ගමගේ ගේ ඇත්ත හෙළි වෙයි....

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter
  • අඩුම තරමින්  ද්විත්ව පුරවැසියෙක්වත් නොවෙයි… භාවිතා කරන්නෙ හොර පාස්පෝට් එකක්…. ඉන්න ඕන පාර්ලිමේන්තුවෙ නොවෙයි… හිරේ!

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇය ද්විත්ව පුරවැසියෙක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ව සිටිය දී ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින තැනැත්තියක් බවත් ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව හරහා අධිකරණයට කරුණු  ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට වාර්තාවූ කරුණු අනුව  ‘නයනා සමන්මලී’ හෙවත් ඩයනා නටාෂා කැකනදුර හෙවත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපි  ලේඛන සනාථ කර ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගන්නා අතර  ඇයට ලංකාව තුළ ජීවත්වීමට නිකුත් කර ඇති වීසා වර්ෂ 2014 දී කාලය නිමා වී තිබේ.

ඒ අතර  2014 ජනවාරි මාසයේ දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර ඩයනා ගමගේ  යළිත් වරක්  ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇත.

ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට ප්‍රකාශ කළේ ඇය “ද්විත්ව පුරවැසිභාවය” උසුළන්නියක නො ව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක හිමිකාරියක් බව යි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා   මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කළේය.

ඒ අනුව කරුණු විශ්ලේෂණය කර ඉක්මනින් මෙම අධිකරණ කටයුත්ත අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා සිටියේය.

ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සොයිසා මෙම කරුණු අධිකරණය හමුවේ අනාවරණය කිරීමට සූදානමින් සිටිය දී ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හදිසි ස්ථාන මාරුවක් ලැබී තිබිණි.

මේ හේතුවෙන් මෙම කරුණු අධිකරණය හමුවේ අනාවරණය නො වූ අතර, පසු ව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඔහුට එල්ල වූ මරණීය තර්ජන හමුවේ  ශ්‍රී ලංකාවෙන් බැහැරව ගියේය.

හිරු – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති කළු සල්ලි ජාවාරම් කරුවෙකුගේ ගොදුරක් වී රට වැනසූ හැටි අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා අතින් නිරුවත් වුන ලංකාවේ මැතිවරණ කොමිසම!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.