මනම්පිටිය – නිමල් ජයරත්න –
රජය විසින් වී සහ සහල් සඳහා පණවා තිබූ ගැසට් නිවේදන ඉවත් කර ගැනීමෙන් පසු පො ළොන්නරුවේ ප්‍රධාන පෙළේ මහා පරිමාණ මෝල් හිමිකරුවන් තරඟකාරී ලෙස ගොවීන් ළඟ තබාගෙන සිටි වී තොග වැඩි මිලට මිලදී ගැනීම් මේ වන විට ආරම්භ කර තිබේ.
අරලිය, සහල් මෝල් හිමිකරු,ඩඩ්ලි සිරිසේන, නිපුන හාල් හිමි හිමිකරු සිරිපාල ගම්ලත් ,රත්න සහල් හිමි හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර, යන මහා පරිමාණ වී සහ හාල් මෝල් හිමිකරුවන් ගොවීන්ගේ එම වී නිවසටම ගොස් මිලදී ගන්නා අතර ඒ අනුව කීරි සම්බා වී කිලෝවක් රුපියල් 90 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70 කටත්, නාඩු වී කිලෝවක් රුපියල් 63 ක මිලකට අද (04) පෙරවරු වන විට මිලදී ගනිමින් සිටින බව පොලොන්නරුව වී ගොවීහු සඳහන් කරති.

ගොවීන් විසින් යල කන්නයේ නෙලාගත් වී අස්වනු සියයට 55 ක් පමණ පැවති මිල ගණන් ගැටලුව නිසා නිවාස තුළම තබාගෙන සිටි අතර එම වී සඳහා පෞද්ගලික වෙළඳුන්ගෙන් හොඳ මිලක් ලැබී ඇති බව මහවැලි බී කලාපය ගොවි නියෝජිතයෝ කිහිපදෙනෙකුම සඳහන් කළහ.
පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ වී හා සහල් මෝල් හිමිකරුවන් මෙලෙස වී ගොවීන්ගේ නිවාස වලටම ගොස් තරඟකාරී අයුරින් ඉහල මිලකට ලබාගෙන ගැනීමත් සමග තමන්ට ගොවීන්ගෙන් වී තොග නොලැබෙන මට්ටම්ක් උද්ගත වී ඇති බව පොලොන්නරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ වී සහ සහල් මෝල් හිමි හිමිකරුවෝ සඳහන් කරති.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ හාල් සහ වී මෝල් හිමිකරුවන් පමණක් වී ටික රැස්කර ඒවා සහල් බවට පත්කර ඉදිරියේ දී සහල් මිල පාලනය කරනු ඇතැයි ද කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.







