බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙම්පරි ජනාධිපති පොඩි උද්ඝෝෂණයකිනුත් තිගැස්සෙන බය ගුල්ලෙක් – ටිල්වින් සිල්වා

මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි... දුර්වල බියගුළු නිවටකම නිසා....

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහට පිං ජනාධිපති තනතුර ලැබුණු පසු රාජපක්‍ෂවරුන්ගේ වුවමනාව අනුව දිගින් දිගටම උද්ඝෝෂණවලට පහරදෙමින් ජනතාව මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවත් කුඩා උද්ඝෝෂණයකටත් බියෙන් මර්ධන අවිය අතට ගන්නේ ශක්තිමත් නායකයින් නොව බියගුල්ලන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (31) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද පැවසීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමකාමී උද්ඝෝෂණයකට පහරදී එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. එයට විරෝධය පළකරමින් ශිෂ්‍යයන් හා වෘත්තීය සමිති සන්ධානය එකතුව පැවැත්වූ උද්ඝෝෂණයටත් ඊයේ (30) පහර දුන්නා. මර්දනය නවත්වන්න කියලා ගෙනයන උද්ඝෝෂණවලටත් පහර දෙනවා නම් ජනාධිපතිගෙන් අපි අහනවා සාමකාමී උද්ඝෝෂණය කරන්න ජනතාවට තිබෙන අයිතියට මොකද වෙන්නේ කියලා.

ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය මර්දනය කරන්න පටන් ගත් මොහොතේම විශාල පොලිස් බලඇණියක් යොදවා 28 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් පළ කිරීමේ, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය වාරණය කරන්න පොලිස් නිලධාරි මහත්වරුන් අධිකරණයට ගිය අවස්ථාවල ඒ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළා. සාමකාමී නොවන ක්‍රියා සිදුවුණහොත් අත්අඩංගුවට ගතහැකි බව අධිකරණය තීන්දු කළා.

රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂවරුන්ගේ කැමැත්ත ඉටු කරන්නත් ඔහුට තිබෙන තරහ පිරිමහ ගන්නත් උද්ඝෝෂණයක් පටන් ගන්නා විටම පහර දෙනවා. නීතිවිරෝධීව මේ උද්ඝෝෂණවල සිදුවුණේ මොනවාදැයි පොලීසිය නිලධාරීන්ට උසාවි ගානේ රස්තියාදුවී අනාගතයට බාධා ඇතිකර ගැනීමයි සිදුවෙන්නේ.

සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමේ, අදහස් පළ කිරීමේ අයිතියට ගරු කරන්න කියලා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. මහින්ද රාජපක්‍ෂලා විපක්‍ෂයේ ඉන්න කාලේ ඒ අයිතිය පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහලත් එහෙම කළා. තමන් විපක්‍ෂයේ ඉන්නකොට උපයෝගී කරගත් අයිතියක් ආණ්ඩු බලය ගත්තාම නීතිවිරෝධී වෙනවා නම් ඒක බරපතල තත්වයක්. මේ මර්දනකාරීත්වය වහාම නවත්වන්න කියලා අපි නැවතත් බල කරනවා.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඊයේ දවසේ පොලීසිය සමග අඩුම ගානේ සංවාදයක්වත් සිදුවුණේ නැහැ. පොලිසියෙන් අවවාදයක්වත් දුන්නේ නැහැ. විරෝධතා පෙළපාලියෙන් පස්සේ රැස්වීමක් පවත්වලා විසිර යන්නයි සූදානම් වුණේ. මිනිස්සුන්ගේ විරෝධය යට කිරීමෙන් රාජපක්‍ෂලාට විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහලාටත් සිදුවෙන්නේ යන එනමං හොයාගන්න බැරිවීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් රඳවාගෙන සිටින සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න කියලා අපි බල කරනවා.

රනිල් වික්‍රමසිංහට ටෙම්පරි ජනාධිපතිකම නිකං ලැබෙන්නේ. ජනතා නැගිටීමට අදාල හේතු සොයා බලලා විසඳුම් ලබාදෙන්න රනිල් වික්‍රමසිංහලාටත් බැහැ. විසඳුම් සොයනවා වෙනුවට ප්‍රශ්න වැඩි කිරීමයි කරන්නේ.   තාවකාලිකව නතර වුණු ජනතා විරෝධයන් නැවත එන බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ විරෝධයන් පටන් ගෙන ගෝඨාභය රාජපක්‍ෂට සිදුවුණු දේයම සිදුවිය හැකි බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ නිසා උද්ඝෝෂණ පටන් ගන්නකොටම නවත්වන්න උත්සාහ කරන බව අපට පැහැදිලියි.

උද්ඝෝෂණ කිරීමට ජනතාවට බලකරන සමාජ ආර්ථික දේශපාලනික සාධක වෙනස් කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව පාරට බහින්නේ ඊට පොළඹවන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන්. මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නෙවෙයි, නිවටකමයි. මේවා නිවට, බියගුළු වැඩ. ශක්තිමත් ආණ්ඩු උද්ඝෝෂණවලට බය නැහැ. ආණ්ඩුව දුර්වලයි නම් පොඩි උද්ඝෝෂණවලටත් බය වෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දුර්වලකම් වැඩිකරලා තියෙන්නේ. රනිල් විරෝධී පිරිස් හැදූ ආණ්ඩුව රනිල් ගත්තාට පස්සේ තවත් දුර්වල වෙලා තියෙන්නේ. උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි. අරගලයේ හිටි අය හොය හොයා දඩයම් කරනවා නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ තත්වයන් නවත්වන්න ඉන්නේ ජනතාවයි.

ඒ නිසා අපි ජනතාවට කියන්නේ ආණ්ඩුවට මේ විරාමය නොදිය යුතු බවයි. මේ ආණ්ඩුව පරාජයට පත්කිරීමෙන් තොරව බේරන්න බැහැ. මෙවැනි දුෂ්ඨ, අසමත් බියට පත්වුණු, තිගැස්සුණු ආණ්ඩුවකින් ජනතා අයිතීන් දිනාගන්න බැහැ. මර්දනය නවත්වන්නේ නැහැ. දැනටමත් ලංකාවට   මානව හිමිකම් නඩු කිහිපයක් වැටිලා තියෙනවා. ලබන මාසේ ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වෙනවා. ඉතිහාසයේ පළවැනි වතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කොමිසම ඉදිරියට ගිහින් මර්දනය නවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා විශාල බලපෑමක් කරනවා.

ඉතාම කුඩා උද්ඝෝෂණයකින් පවා වැටෙයි කියන බයක් ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුවට කරුණු කියලා, බල කරලා බේරන්න බැහැ. ආර්ථික අර්බුදය ජනතාව පිට පැටවීමට විරුද්ධව සටන් කරන ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන ආණ්ඩුව හැකි ඉක්මනින් පරාජය කරන්න ඕනෑ.

ඒ නිසා ජනතාව මත බර පැටවීමට සහ මර්දනකාරීත්වයට එරෙහිව රාජපක්‍ෂලා ගිය පාරේ යන රනිල් වික්‍රමසිංහලාට රට පාලනය කිරීමේ ජන වරමක් නැහැ. ඒ නිසා ඉක්මනින්ම මැතිවරණයක් දිනාගෙන මනුෂ්‍යත්වය තියෙන, මානව හිමිකම් රකින ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හදන්න ඕනෑ. ජනතාව මර්දනය කරමින් යන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට ඉතිරිවී තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ යහපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය හැටියට පෙනී සිටි වෙස්මුහුණ ගැලවිලා. දැන් ම්ලේච්ඡ ගෝත්‍රික ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය එයාම ගලවාගෙන තිබෙනවා. ජනතාව මර්දනය කරමින් ඉතිරි කාලය ඉන්න බලන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට තියෙන්නේ. මර්දනය නිසා ජනතාවගේ වෛරය දැඩිවීම විතරයි සිදුවී තිබෙන්නේ.

ගෝර්කි කීවා වගේ ලේ සාගරයක ගිල්වලා සත්‍යය මරා දාන්න බැහැ. ආණ්ඩුව මර්දනය නවත්වන ලෙස අවධාරණය කරන අතර බිය නොවී පෙරට එන ලෙස ජනතාවට ආරාධනා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරිම තාවකාලිකව අත්හිටුවයි!

Next Post

ඉම්රාන් ඛාන්ට දේශද්‍රෝහී චෝදනා

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.