කීර්ති ප්‍රනාන්දු –
2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වන අතර, 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර – මැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙන බව ද එම නිවේදනයේ දක්වා ඇත.
එම නිවේදනය පහත දැක්වේ.