මැයි 09 අපරාධයට චූදිතයෙක් කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගෙන් නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.
මැයි 09 අපරාධයට සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුව ඇති B22046/22 දරණ නඩුවේ විමර්ශනය කටයුතු අධිකරණය හා සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිගේ නිර්දේශ මත අධිකරණය විසින් නම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා පරීක්ෂණ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් පසුගියදා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් නම් කළ පුද්ගලයින් 20 දෙනා අතරින් අත්අඩංගුවට ගෙන නැත්තේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් බවය.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා සිටිමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් මේ වනවිට ගොනු කර ඇත.







