අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ රටට ජී.එස්.පී ප්ලස් දිගටම දෙන්නැයි සජිත් යුරෝපා නියෝජිතයන්ගෙන් ඉල්ලයි!

by Lanka Sara Editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජය සමයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා ලබා දුන් ජී.එස්.පී ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීමට කටයතු කරන ලෙසත් වපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් ලීමක් කර ඇත. මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ සිටින ජීඑස්.පී ප්ලස් සහනය පිළිබඳව සමාලෝචනය කිරීමේ දූත කණ්ඩායම ඊයේ (28) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත. එහිදි විපක්ස නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යමය සහන, GSP Plus සහන, අන්තර්ජාතික සහන සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කරන බවත් ඔවුන්ට සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, නිදහස සහ සමානාත්මතාවය, සංහිඳියාව, පරිසරය, මාධ්‍ය නිදහස, සිවිල් අයිතිවාසිකම් යනාදි බොහෝ කාරණා පිළිබඳව ඔවුන් මෙරට දී අධ්‍යයනය කිරීමට නියමිත ය.
කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

තම පක්ෂයේ විදෙස් පිළිවෙත වන්නේ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය බවත්, ශ්‍රී ලංකාව සාමයේ භූමියක් මිස බලවතුන්ගේ අරගල බිමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා කොමිසමේ නියෝජිතයින් සමඟ පැවසීය.

මේ මොහොතේ වගකිවයුතු නූතන විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය නොපිරිහෙලා පෙනී සිටින බවත් ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හරිත සංකල්පය මත පදනම් වුණු අනාගතවාදී දේශපාලන පක්ෂයක් ලෙස සමඟි ජනබලවේගය ආර්ථික මෙන්ම සමාජ සැලසුම් සහ ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට මුහුණ දී සිටින වර්තමාන තත්ත්වය හමුවේ අවස්ථාවාදී දේශපාලනය නොකරන නූතනවාදී විපක්ෂයක භූමිකාව තම කඳවුර නිරූපණය කරන බවද පැවසීය.

එමෙන්ම, ජනතාවාදී විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම කොන්දේසි විරහිතව ඉටුකරන බවත්,මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත්වීම, මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය,නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම තිරසාරව සිදුකරමින් සිටින බව පැවසු විපක්ෂ නායක ජනතාවාදී සාධනීය කටයුතු වෙනුවෙන් සිය සහයෝගය හිමිවන බවද පැවසීය.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජනතාව සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයන් පුළුල් කර දීම, ව්‍යවස්ථාදායකය/අධිකරණය සහ විධායකයේ බලය බෙදීයාම, සමතුලිත කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී යුරෝපා කොමිසමේ නියෝජිතයින් අවධානය යොමුකරනු ලැබූ අතර විපක්ෂ නායක එහිදී පවසා සිටියේ ඉහත කාරණා සාධනීය ලෙස සාර්ථක කර ගැනීම උදෙසා ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මැදිහත්වීම වැදගත් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ දත්ත මැකූ සිද්ධිය: ඇප ඉල්ලීම ඉවතට – ඉංජිනේරුවරයා රිමාන්ඩ්

Next Post

ගෝඨාභය හිස් මාධ්‍ය ප්‍රබන්ධයක්…  රටේ කෘෂිකර්මයෙ දි හැසිරෙන විදිහෙන් එය රටට පෙනුනා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.